May 05, 2024

ඉන්දීය අගමැතිගේ මැතිවරණ වැඩ වලට ගිය "මැණිකේ"

යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ගායනා කරන “මැණිකේ මගේ හිතේ” ගීතය මේ වනවිට ඉන්දියාවේ දේශපාලන වේදිකාව තුළ ද ජනප්‍රිය ගීතයක් බවට පත්ව තිබෙනවා.

ඒ ඉන්දියාවේ පාලක පක්‍ෂය වන භාරතීය ජනතා පක්‍ෂයේ මැතිවරණ ප්‍රචාරණ නව ගීතය ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහාන් ද සිල්වා ගයන ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතයේ තනුවට අනුව නිර්මාණ කර තිබෙනවා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුත් පාලක භාරතීය ජනතා පක්‍ෂය උත්තර් ප්‍රදේෂ් මැතිවරණය වෙනුවෙන් මෙම ගීතය නිර්මාණය කර ඇති අතර ‘මැණිකේ මගේ හිතේ’ ගීතයට වඩාත් සමාන ආකාරයටම හින්දි භාෂාවෙන් මෙම ගීතය නිර්මාණය කර තිබෙනවා.

Rate this item
(0 votes)