April 26, 2024

කොවිඩ්-19 සඳහා වූ චීන එන්නත ආසාර්ථක බව චීනයම පිළිගනී

කොවිඩ්-19 සඳහා වූ චීන එන්නතෙහි වෛරසය පාලනය කිරීම සඳහා වූ කාර්යක්ෂමතාවය ඉතාමත් අඩු බව චීනයේ ඉහළ පෙළේ පරික්ෂණ ආයතනයක් විසින් හෙළි කර තිබේ.

චීන රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානී විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පවසා තිබුණේ චීන එන්නතෙහි කාර්යක්ෂම තාවය ඉහළ නැංවීම සඳහා තවත් පියවර ගත යුතුව ඇති බවයි.

චීනය විසින් විදේශයන්හී අත්හදා බැලු එන්නත් සමහර අවස්ථාවලදී 50%කට වඩා අඩු කාර්යක්ෂමතාවයක් පෙන්වා ඇති බවටද ඔවුන් අනාවරණය කර තිබේ.

චීනය මේ වන විට කොවිඩ්-19 සඳහා එන්නත් වර්ග 04ක් නිපදවා තිබේ.

චීනයේ මේ වන විට අවම මිලියන 100කටවත් එම එන්නත් හතරින් එක එන්නතක් හෝ ලබා දී ඇති බවටද වාර්තා වෙයි.

චීනය විසින් තමන්ගේ එන්නත්වල කාර්යක්ෂමතාවය පිළිබඳව ලෝකයට නිකුත් කර ඇත්තේ ඉතාමත් කුඩා දත්ත ප්‍රමාණයක් බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔවුන් අවධාරණය කර ඇත්තේ එම නිසා එන්නත්වල කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය පිළිබඳව සැකයක් පවතින බවයි.

කෙසේ වෙතත් චීනයේ චීනයේ සිනොවාක් එන්නත බ්‍රසීලයේ කරන ලද මිනිස් සාධක අත්හදා බැලීම්වලදී 50.4%ක් කාර්යක්ෂමතාවයක් වාර්තා කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවධාරණය කර ඇති පරිදි කොවිඩ්-19 සඳහා එන්නතකට අනුමැතිය දීම සඳහා එහි කාර්යක්ෂමතාවය අවම වශයෙන් 50%ක්වත් සපුරා තිබිය යුතු බවයි.

ලෝකයේ දැනට නිපදවා ඇති, ඇස්ට්‍රෙසෙනෙකා, ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් සියල්ලම කාර්යක්ෂමතාවය 90%ක් ලෙස වාර්තා කර තිබේ.

චීන රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රධානිගේ ප්‍රකාශයෙන් පසුව ඔහු වෙත චීන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයන් එල්ල වී තිබූ අතර ඔහුට කතා කිරීමට ඉඩ නොදිය යුතු යැයිද පිරිසක් චෝදනා කර තිබු බව සඳහන් වෙයි.

පසුව එම ආයතනයේ ප්‍රධානියා විසින් ප්‍රකාශ කර තිබුණේ ලෝකයේ නිෂ්පාදනය කරන බොහෝ එන්නත් විටෙක කාර්යක්ෂමතාවය ඉහළ යා හැකි බවත්, සමහර අවස්ථාවල එය පහත වැටීමට හැකි බවත්ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 April 2021 12:45