April 27, 2024

2006 වසරේ ඉපදුණු පාසල් වියේ පසුවන දැරිය විවාහ කරගත් පාකිස්ථාන මන්ත්‍රීට වැඩ වරදී

February 24, 2021

පාසල් යන දැරියක් විවාහ කරගත් පාකිස්ථාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව එරට පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

2006 වසරේ දී ඉපදුනු මෙම දැරිය වයස අවුරුදු 14ක් වු අතර ඇය පාකිස්ථානයේ ජූග්හූර් රජයේ උසස් කාන්තා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි බවට වාර්තා වෙයි.

මැය උපත ලබා තිබුණේ 2006 වසරේ ඔක්තොම්බර් 28 වැනිදා වන අතර ඇය විවාහ වීම සඳහා අවම වයසවත් සපුරා නොමැති බවට මෙම මන්ත්‍රීවරයාට එරෙහි පැමිණිල්ල යොමු කළ පාර්ශවය පෙන්වා දෙයි.

50 වැනි වියේ පසුවන මෙම මන්ත්‍රීවරයා එරට ප්‍රධාන පෙළේ දේශපාලන ධාරාවක මන්ත්‍රීවරයෙකු ලෙසද හඳුනා ගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙම සිදුවීම සම්බන්ධව අදහස් දක්වමින් එරට පොලීස් අංශ විසින් සඳහන් කර තිබුණේ මෙම සිදුවීම පිළිබඳව පැමිණිල්ල ලැබුණු සැණින් එම දියණියගේ නිවස වෙත පොලීසිය ගිය බවත් දැරියගේ පියා විසින් මෙම විවාහය සිදු බවට එල්ල වන චෝදනා සියල්ල ප්‍රතිකේෂ්ප කර ඇති බවයි.

පාකිස්ථානයේ විවාහ වීම සඳහා අවම වයස ලෙස සඳහන් කර ඇත්තේ අවුරුදු 16 වන අතර ඊට වඩා අඩු වයසින් විවාහ කර දීම හෝ විවාහ කර ගැනීම දැඩි දඬුවම් ලබා දිය හැකි වරදක් වන අතර දෙමාපියන්ගේ කැමැත්ත මත එවන් දෙයක් සිදු වුවහොත් දෙමාපියන්ටද දඬුවම් පැමිණිය හැකි බවට සඳහන් වෙයි.

Rate this item
(0 votes)