May 14, 2024

ඇමෙරිකානු මාධ්‍යවේදීයාගේ හිස ගසා දැමූ අපරාධකරුවා පාකිස්ථානය නිදහස් කරයි

පාකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇමෙරිකානු මාධ්‍යවේදී ඩැනියෙල් පර්ල්ව හිස ගසා මරා දමන ලද අහමඩ් ඕමාර් සයිඩ් ෂෙයික් නම් පුද්ගලයාව නිදහස් කිරීමට නියෝග කොට ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකාවේ නව රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මෙම තීරණයට සිය විරුද්ධත්වය පළ කරමින් ප්‍රකාශ කර තිබුණේ පාකිස්තානය ඇතුළු ලෝකයේ සෑම තැනකම ත්‍රස්තවාදී හේතුවන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයන්ට නිග්‍රහයක් ලෙසයි.

එමෙන්ම ඝාතනයට පත් වූ ඩැනියෙල් පර්ල්ගේ පවුලේ පිරිස ද මෙම තීරණය හේතුවෙන් කම්පාවට පත්ව සිටින බවද ඔවුන්ගේ නීතිඥවරයා මාධ්‍ය වෙත පවසා තිබේ.

වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාකරුවෙකු වූ ඩැනියෙල් පර්ල් 2001 වසරේ දී අහමඩ් ඕමාර් සයිඩ් ෂෙයික් විසින් පැහැර ගෙන ගොස් තිබූ අතර අද (29) දිනයේ ඔහුට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මඟින් නිදහස ලබා දී තිබුණි.

කරච්චි පළාත් නීතිපති සල්මාන් තාලිබුදීන් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ 2-1 ක බහුතරයකින් ඔවුන් සියලු චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර ඇති බවයි.

2001.09.11 ප්‍රහාරය වන දිනයේ දී ඩැනියෙල් පර්ල්ව අහමඩ් ඕමාර් සයිඩ් ෂෙයික් විසින් පැහැර ගෙන ගොස් තිබූ අතර ඉන් සති 02කට පසුව ඔහුගේ හිස ගසා දමන වීඩියෝවක් නිකුත් කර තිබුණි.

ඩැනියෙල් පර්ල්ව පැහැරගෙන ගොස් තිබුණේ ඔහු පාකිස්ථානයේ කරච්චි නුවර සිට ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ තොරතුරු සොයමින් සිටියදී බවත් සඳහන් වෙයි.

ඩැනියෙල් පර්ල්ගේ මරණය එම කාල සීමාවේ විදෙස් ප්‍රවෘත්ති සිරස්තලයන් උණුසුම් කළ සිදුවීමක් වූ බවද වාර්තා වෙයි.

Rate this item
(0 votes)