April 26, 2024

සුප්‍රකට චීන බිලියනපතියා අතුරුදහන් වී නැහැ - ඕනෑ කමින්ම සැඟවිලා : හේතුව මෙන්න

සුප්‍රකට චීන බිලියපති ව්‍යාපාරික 'ජැක් මා' මාස 02ක් තිස්සේ ප්‍රසිද්ධියේ නොපෙනී සිටීමත් සමඟම ඔහු අතුරුදහන් වී ඇති බවට ජාත්‍යන්තර විදෙස් මාධ්‍ය ප්‍රකාශයට පත් කර තිබුණි.

නමුත් දැන් පළ වන නවතම විදෙස් මාධ්‍ය තොරතුරු අනුව ජැක් මා අතුරුදහන් වී නොමැති බවත් ඔහු ඕනෑ කමින්ම සැඟව සිටින බවත් වාර්තා වී තිබේ.

CNBC මාධ්‍ය ආයතන පවසන අන්දමට ජැක් මා චීනයේ හැංෂෝවල පිහිටි අලි බාබා සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන මූලස්ථානයේ සිටින බව සඳහන් වෙයි.

ඔහු විසින් චීන මූල්‍ය පාලනය සම්බන්ධව කරන ලද දැඩි ප්‍රකාශයන්වලින් පසුව ඔහු මෙලෙස ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමට තීරණය කර තිබෙන බව සඳහන් වෙයි.

එයට හේතුව එම ප්‍රකාශයන්වලින් එරට රජය දැඩි විවේචනයකට ලක් කිරීම බවත් සඳහන් වන අතර එම සිදුවීම් සමතයකට පත්වන තුරු ඔහු මෙලෙස ප්‍රසිද්ධියේ පෙනී නොසිටින බවට මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඔහුගේ එම ප්‍රකාශයන් අනතුරුව ඔහුගේ ව්‍යාපාරයන්ට චීන බලධරයන්ගෙන් දැඩි පීඩනයක් එල්ල වූ බවට වාර්තා වන අතර ඔහුට අයත් ANT ව්‍යාපාර සමූහයට චීන රජයෙන් ලැබෙන සියලු වරප්‍රසාද සහ සහනයන් කපා දැමීමට තීරණය කර තිබේ.

මීට අමතරව ඔහුගේ අලිබාබා ව්‍යාපාර සමූහයට එරෙහිවද මේ වන විට චීනය විසින් මූල්‍ය පරික්ෂණ ආරම්භ කර තිබේ.

ඔහුගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් විවිධ කටකතා පළ වූ අතර බොහෝ පිරිසක් සඳහන් කර තිබුණේ ඔහුට චින රජය විසින් මරා දමා හෝ පැහැර ගෙන ගොස් සිටින බවයි.

නමුත් CNBC මාධ්‍ය ආයතනය වාර්තා කරන අන්දමට එලෙස කිසිවක් සිදුව නොමැති බව සඳහන් වෙයි.

.

Rate this item
(0 votes)