April 26, 2024

රටේ දැවැන්ත රාජපක්ෂ විරෝධයක් තියෙනවා: ගම්මන්පිල කෙලින්ම කියයි Featured

දැවැන්ත රාජපක්ෂ විරෝධයක් ජන සමාජය තුළ තිබෙන බව තවමත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන උදය ගම්මන්පිල මහතා හෙළිදරව් කරනවා.

ජනපතිවරයා විසින් ඉකුත් 3 දින ඇමති ධූරයෙන් ඉවත් කල ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ රාජපක්ෂ නම තිබෙන කෙනෙකුටවත් ඡන්දය ඉල්ලීමට හැකි වේ දැයි යන්න සැක සහිත බවයි.

රාජපක්ෂ නම

විශේෂයෙන්ම තමන්ගේ හිතවතෙකු වන විජේදාස රාජපක්ෂ මහතාටත් රාජපක්ෂ නම තිබෙන නිසා ඒ ඉරණමට ගොදුරු වීමට ඉඩ ඇති බවයි ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ.

ඔහු මේ අදහස් පල කලේ ඒෂියන් මිරර් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

අනාගත වාක්‍යය

සිය හිතවතෙකු තමා අමතා සඳහන් කළ කරුණක්ද ගම්මන්පිල මහතා එම සාකච්ඡාව හෙළිදරව් කළා.

ඒ රාජපක්ෂ නම තිබෙන අය පමණක් නොව නමට "රා" කෑල්ලක් තිබෙන අයෙකුට වුවද ඉදිරියේදී ඡන්දයක් ඉල්ලීමට නොහැකි තත්ත්වයක් රට තුළ උද්ගතව ඇති බවයි.

Rate this item
(7 votes)
Last modified on Sunday, 27 March 2022 07:45