April 19, 2024

රත්තරන් මිල අහස උසට! ගණන් ඉස්සූ අලුත්ම රන් මිල මෙන්න Featured

ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් ඊයේ (25) පස්වරුව වන විට රුපියල් 155,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

ඊයේ දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 167,000 ක් බවට පත්ව ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසනවා.

ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑම සහ ආනයන සඳහා ඩොලර් නොමැතිවීම මෙම තත්වයට හේතුව බවයි ඔවුන් කියා සිටියේ.

මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් ආභරණ වෙළෙඳසැල්වල කැරට් 22ක රන් පවුමක මිල රු. 154,500 ක් ලෙසින් ද නියම වී තිබෙනවා.

කෙසේවෙතත් අප කළ විමසීමක දී වාර්තා වූයේ බොහෝ වෙළෙඳසැල්වල රත්‍රං හිඟයක් පවතින බවයි.

Rate this item
(0 votes)