April 27, 2024

"පැන පැන දෙන්න එපා": ඇමති නාමල්ට විපක්ෂයේ තරුණ මන්ත්‍රී මූණටම කියයි

"පැන පැන දෙන්න එපා.ටිකක් පරණ එක විදිහට හැසිරෙන්න." යයි විපක්ෂයේ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අමතා පාර්ලිමේන්තුවේදී කීප වතාවක්ම ප්‍රකාශ කළා.

"ඔය ළඟ ඉන්න අලි ශක්ති බ්ද ඇමතිතුමාගෙන් ඉගෙන ගන්න.අපි කරන විවේචන අහන් ඉදල පිළිතුරු කතාවේදී පිළිතුරු දෙන්න" යයිද මන්ත්‍රීවරයා අමාත්‍යවරයා අමතා සඳහන් කළේ දිගින් දිගටම සිය කතාවට බාධා කිරීම හේතුකොටගෙන.

පනත් කෙටුම් පත

මෙම සිද්ධිය ඇති වූයේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේ.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඩිජිටල් කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයද දරන නාමල් රාජපක්ෂ මහතා විසින්.

එහි කැබිනට් ඇමතිවරයා ජනපතිවරයායි.

දිගින් දිගටම බාධා

හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයාට පෙර කතා කළේ විපක්ෂයේම මන්ත්‍රීවරයෙක් වන අජිත් මාන්නප්පෙරුම මහතායි.

ඔහුගේ කතාවටද දිගින් දිගටම නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා බාධා කළා.

ඉන් පසු කතා කළ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයාටද එසේ බාධා කිරීම හේතු කොටගෙනයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අමතා ඉහත සඳහන් කරුණු සඳහන් කළේ.

මුලසුනට චෝදනා

ඒ අවස්ථාවේ මුලසුනේ සිටියේ අංගජන් රාමනාදන් නියෝජ්‍ය කාරක සභාපතිවරයායි.

ඔහුටද රාජකරුණා මහතා චෝදනා කළේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ පැත්තගෙන දිගින් දිගටම මෙසේ තම කතා වලට බාධා කිරීමට ඉඩ දෙන බවටයි.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට දෙන ඔය අවස්ථාව වෙන අමාත්‍යවරුන්ට මුලසුන නොදෙන බවටද රාජකරුණා මන්ත්‍රීවරයා චෝදනා කළා.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 09 March 2022 14:51