April 27, 2024

අර්බුද මැද එළවළු වෙළඳාම 40%කින් පහළ යයි

රටේ පවතින ඉන්ධන සහ ගෑස් අර්බුදය හේතුවෙන් එළවළු වෙළෙඳාම 40%කින් පමණ පහළ බැස ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා.

පවතින ඩීසල් හිගයත් සමග රථ වාහනවලින් ගොවිපළට ගොස් එළවළු අස්වැන්න මිල දී ගැනීමට හෝ වෙළදපොළට රැගෙන ඒමට නො හැකි තත්ත්වයක් පසුගිය දින කිහිපය තුළම දක්නට ලැබුණු බවයි ඔහු පෙන්වා දුන්නේ.

මීට අමතරව ගෑස් හිගය හේතුවෙන් ආපණ ශාලා තාවකාලිකව වසා දමා ඇති හෙයින් ව්‍යාපාරිකයින් වෙළදපොළට එළවළු මිල දී ගැනීම සදහා පැමිණෙන ප්‍රමාණය ද අඩු වී තිබෙනවා.

Rate this item
(0 votes)