March 28, 2024

හිටපු ජනපතිගේ ආරක්ෂකයන්ට පහර දීලා! මෛත්‍රී හිටියේ රූපවාහිනී වැඩසටහනක

හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂකයන් සමග පුද්ගලයින් පිරිසක් ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

එම ගැටුම ඇති කර ගත් පුද්ගලයන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි තලංගම පොලිසිය පැවසූවේ.

තුවාල ලද ඇමති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයෙක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් සඳහා තලංගම පැලවත්ත ප්‍රදේශයට පැමිණ සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි වාර්තා වනවා.

උපන්දින සාදයට ගොස් මත්පැන් පානය කර නැවත මෝටර් රථයකින් පැමිණෙමින් සිටි තරුණයන් පස් දෙනාගෙන් අයෙකුට වමනය යාම සඳහා මෝටර් රථය නතර කළ අවස්ථාවේදී එහි සිටි තරුණයකු ඒ අසල නවතා තිබූ ඇමති ආරක්ෂක  ජීප් රථයට අතින් තට්ටු කර තිබෙනවා.

එම අවස්ථාවේදී ජීප් රථයේ සිටි සැරයන්වරයා සමග බහින් බස් වීමක් ඇති වීමෙන් අනතුරුව මෙම පහරදීම සිදුවී ඇතැයි පොලීසිය පැවසුවා. 

සැරයන්වරයාට පහර දුන් පිරිසෙන් දෙදෙනකු එම අවස්ථාවේදී සෙසු ඇමති ආරක්ෂකයන් විසින් අල්ලාගෙන තලංගම පොලිසියට භාරදී තිබෙනවා.

පසුව පලාගිය පිරිස තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අත්අඩංගුවට ගත් ගත් සැකකාර තරුණයන් බත්තරමුල්ල, කොස්වත්ත, මරදාන ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු විසි 25 පසුවන්නන්. 

Rate this item
(1 Vote)