April 26, 2024

අබුඩාබි ප්‍රහාරය ලංකාව හෙලා දකියි

අබුඩාබි නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය ගණන 03ක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසනවා.

ඩ්‍රෝන යානා කිහිපයක් යොදා ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වූයේ ඊයේ (17) දිනයේ දී යි.

අබුඩාබි ජාතික තෙල් සමාගමට අයත් තෙල් ටැංකි සංකීර්ණයක් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල වූ අතර ඉන් මියගොස් ඇත්තේ එම තෙල් ටැංකි සංකීර්ණයේ සේවය කළ තිදෙනෙක්.

මෙම ප්‍රහාරය හෙළා දකිමින් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

එම නිවේදනය පහතින්,

ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකියි

සිවිල් වැසියන් කිහිප දෙනෙකුට මරු කැඳවමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන සිවිල් වැසියන් සඳහා වූ පහසුකම්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකා රජය දැඩි ලෙස හෙළා දකියි. විපතට පත් වූවන්ගේ පවුල්වලට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනතාවට සහ රජයට ශ්‍රී ලංකාව සිය බලවත් ශෝකය පළ කර සිටියි. ගෝලීය සාමයට සහ ආරක්ෂාවට හානි එල්ල වන ත්‍රස්තවාදී තර්ජනවලට එරෙහිව අඛණ්ඩව සුපරීක්ෂාකාරී වීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව යළිදු අවධාරණය කර සිටියි.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2022 ජනවාරි 18 වැනි දින

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 January 2022 15:51