April 25, 2024

ඇස්ෆල්ට් කුමරියව ඕමාන සාගර කලාපයේ දී පැහැර ගනී

පැනමා ධජය යටතේ ගමන් කරමින් සිටි ටෑන්කර් නෞකාවක් වන එම්.වී ඇස්ෆල්ට් ප්‍රින්සස් නෞකාව ඕමාන සාගරය කලාපය ඔස්සේ ගමන් කරමින් සිටියදී සන්නද්ධ කල්ලියක් විසින් පැහැර ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නෞකාව මේ වන විට ඉරානය දෙසට යාත්‍රා කරන්නැයි බලකර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නෞකාව පැහැර ගැනීමට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර පැහැර ගත් පිරිස පිළිබඳවද කිසිදු අනාවරණයක් මෙතෙක් ලැබී නැහැ. ජාත්‍යන්තර විශ්ලේෂකයන් විසින් මෙම පැහැර ගැනීම ඉරාන ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද්දක් බවට අනුමාන කරමින් සිටිනවා.

මෙලෙස පැහැර ගැනීමට ලක්ව තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් නෞකාවකි.

නමුත් මෙම චෝදනාව ඉරාන විප්ලවාදී ආරක්ෂක අංශ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මීට පෙරද ඊශ්‍රායලයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඕමාන සාගර කලාපයේ දී ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී බ්‍රිතාන්‍ය සහ රුමේනියානු ජාතිකයන් දෙදෙනෙකු මිය ගියා. එම අවස්ථාවේ දී බ්‍රිතාන්‍ය සහ ඊශ්‍රායල, අමෙරිකාව විසින් ඉරානය විසින් මෙම ප්‍රහාරය දියත් කළ බවට චෝදනා එල්ල කර තිබුණා.

Rate this item
(0 votes)