March 29, 2024

යුක්‍රේනයේ ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

February 22, 2022

යුක්රේනයේ පවතින වාතාවරණය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කිරීමට පියවර ගන්නා බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යුක්රේනයේ ශ්‍රී ලාංකා තානාපති කාර්යාලයක් නොමැති වුවද තුර්කියේ අන්කාරා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අදාළ කටයුතු සම්බන්ධීකරණය කරන බවයි.

යුක්රේනයේ මේ වන විට සිසුන් 14 දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 40කට අධික පිරිසක් සිටින බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළා.

එම සිසුන් 6 දෙනෙකු මේ වන විට තාවකාලිකව යුක්රේනය හැර ගොස් ඇති අතර, ඉතිරි සිසුන් 8 දෙනා සමග අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සබදතා පවත්වන බව එමගින් කියා සිටියා.

එමෙන්ම, විමසිලිමත්ව කටයුතු කරන ලෙසත්, අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වන ලෙසත් විදේශ අමාත්‍යාංශය යුක්රේනයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් ද කළා.

එමෙන්ම, දැනට යුක්රේනය වෙත සිදු කෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස ද විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් දෙනවා.

Rate this item
(0 votes)