March 29, 2024

මින් මැදුරට එල්ල වූ ප්‍රහාරය

අමෙරිකා එක්සත් ජනපදයේ, හූස්ටන් හි වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙය සිදුව ඇත්තේ එරට වේලාවෙන් පස්වරු 8.15ට පමණ.

නගරයේ පිහිටි මින් මැදුරු සංකීර්ණයක දී සිදුව ඇති මෙම වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි මේවන විට වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මියගිය ගණන තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

මියගොස් ඇති දෙදෙනාගෙන් එක් අයෙකු අදාළ වෙඩි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා බවට යි එරට ආරක්ෂක අංශ හඳුනාගෙන ඇත්තේ.

පොලිස් වෙඩි ප්‍රහාරවලින් ඔහු මරණයට පත් වූ බව සඳහන්.

වෙඩි තැබීම සිදු කළ තැනැත්තා පිළිබඳව හෝ ඔහු එය සිදු කිරීමට හේතුව පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ.

Rate this item
(0 votes)
Last modified on Friday, 09 July 2021 12:39