April 26, 2024

කඩුගන්නාව පාර ගැන ගත් අලුත්ම තීරණය

November 24, 2021

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ නායයෑමේ අවදානමට ලක්ව ඇති කඩුගන්නාව ප්‍රදේශය යථා තත්ත්වයට පත් කර වෙළඳසැල් නැවත ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, මෙම මාර්ගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ (23) පැවති විශේෂ රැස්වීමකදියි.

නායගිය ස්ථානයේ ස්ථායිතාව ආරක්ෂා කරගැනීම සඳහා සුදුසු ආධාරක ව්‍යුහ සහ කාණු පද්ධතියක් තුළින් ප්‍රධාන මාර්ගයේ බෝක්කු හරහා ජලය පහළ බෑවුමට විධිමත්ව බැහැර කිරීමට මෙහිදී උපදෙස් ලබාදුන් බව සඳහන්.

එමෙන්ම මාර්ගය මංතීරු තුනක් සහිතව සහ බෑවුම දෙසට වන්නට මීටර 3ක් පළල තීරුවක් නැරඹුම් ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ද මෙහිදී තීරණය වී ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

සුදුසු මූල පද්ධතියක් සහිත ශාඛ හඳුන්වාදීම තුළින් බෑවුමේ ස්ථායිතාව වර්ධනය කිරීමට ද, මාර්ගය හා පිහිටි ගල් පර්වතය අතර කොටස පරිසර සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමටද මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබා දී තිබෙනවා.

පසුගියදා පැවති අයහපත් කාලගුණ තත්වයත් සමග පහල කඩුගන්නාව ප්‍රදේශයේ නායයෑමේ අවදානම හේතුවෙන් නොවැම්බර් 10 වනදා රාත්‍රී 10.00 සිට සතියක් මාර්ගය වසා දැමීමටයි පියවර ගැනුණේ.

සබැඳි පුවත් : පහළ කඩුගන්නාවෙන් වැසූ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

                 කඩුගන්නාව මාර්ගය තවදුරටත් වසා දමයි

                 පහළ කඩුගන්නාව විවෘත කරනවාද? නැද්ද ? තීරණය හෙට

                 නුවර පාර අසල කන්ද සෙලවීමට ලක්වෙලා - පස් සහ ගල් තට්ටුව පහලට තල්ලුවෙලා

                 පහළ කඩුගන්නාව තවදුරටත් වසා දමයි! නුවර යන්න මේ පාරෙන් එන්න

                 නුවර පාර ලොකු අවදානමක! පහළ කඩුගන්නාවේ පැල්මක්

                 කඩුගන්නාව යළි විවෘත කිරීම කාලගුණයේ වෙනස් වීම මත

                 නුවර පාරේ අවධානම මැද මංතීරුවක් විවෘත කරයි

                 කොළඹ නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමයි

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 November 2021 14:20