May 05, 2024

පහළ කඩුගන්නාවෙන් වැසූ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

November 17, 2021

පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමූ කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ එක මංතීරුවක් අද මධ්‍යහන 12 න් පසුව විවෘත කරන බව බවට වාර්තා වෙනවා.

කෙසේ වෙතත් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු සර්ධා වීරකෝන් මහතා,

"මේ දින කිහිපයේ දී ම පැවති අයහපත් කාලගුණික තත්ත්වය එක්ක, තද වර්ෂාව සමග මෙම මාර්ගයේ සුළු නායයෑමේ තත්ත්වයක් සමග මාර්ගය වසා දැමීමට සිදුවුණා. ඒ අනුව ජාතිය ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිදුකළ පර්යේෂණ ඇතුළු සියලු දේ සැලකිල්ලට ගෙන මාර්ගය පරීක්ෂා කර, අපි අද දවල් 12 සිට මේ මාර්ගය මහජනතාවගේ භාවිතය සඳහා විවෘත කරනවා. එක් මංතීරුවක් පමණක් මේ වෙලාවේ දී. මොකද ඉදිරියේ දී මෙහි තව තව කටයුතු පැහැදිලි කරයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය. අපි 12 වෙනකොට එක් මංතීරුවක් අපි විවෘත කරනවා. සැහැල්ලු වාහන කියලා නෑ අපි ඔක්කෝටම පාර විවෘත කරනවා. මාර්ග තදබදය අවම කිරීම සඳහා බොහෝ වෙලාවට මෙයට සමාන්තරව හඳුන්වා දී තිබු විකල්ප මාර්ගත් භාවිත කරනවා නම් හොඳයි."

සබැඳි පුවත් : කඩුගන්නාව මාර්ගය තවදුරටත් වසා දමයි

                 පහළ කඩුගන්නාව විවෘත කරනවාද? නැද්ද ? තීරණය හෙට

                 නුවර පාර අසල කන්ද සෙලවීමට ලක්වෙලා - පස් සහ ගල් තට්ටුව පහලට තල්ලුවෙලා

                 පහළ කඩුගන්නාව තවදුරටත් වසා දමයි! නුවර යන්න මේ පාරෙන් එන්න

                 නුවර පාර ලොකු අවදානමක! පහළ කඩුගන්නාවේ පැල්මක්

                 කඩුගන්නාව යළි විවෘත කිරීම කාලගුණයේ වෙනස් වීම මත

                 නුවර පාරේ අවධානම මැද මංතීරුවක් විවෘත කරයි

                 කොළඹ නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමයි

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 November 2021 12:23