May 19, 2024

කෝප් කමිටු තොරතුරු: තරුණ සේවා සභාපතිගේ ටී ෂර්ට් පිස්සුවක් එළියට

November 17, 2021

ජාතික තරුණ සේවා සභාවේ එක් එක් වැඩ සටහන් සඳහා 2021 ටී ෂර්ට් සහ කලිසම් සඳහා වියදම් කළ මුදල් ගනුදෙනුවක් පිළිබඳව පොදු ව්‍යාපාර කාරක සභාවේදී (කෝප්) අපූරු ප්‍රශ්නයක් මතුවුණා.

ඒ ප්‍රශ්නය මතු කළේ කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා විසින්.

කෝප් කමිටුව හමුවට

ඒ ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් කෝප් කමිටුව ඉදිරියට ඊයේ (16) කැඳවූ අවස්ථාවේ.

ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත වැඩ සටහනක් සඳහා සභාවේ නිලධාරීන්ට බෙදා දීම සඳහා ටී ෂර්ට් සහ කලිසම් 7000 ක් රු. 47,000,00 ක් වැය කර ගත් සිද්ධියක් පිළිබඳව තොරතුරු සභාපතිවරයා ඉදිරිපත් කළා.

මේ වර්ෂයේ අප්‍රේල් 30 දින මිලට ගෙන ඇති එම තොගයෙන් ඉකුත් මස 15 වන දින වන විට 5453 ක ඉතිරියක් තිබියදී සුහුරු ගෙවත්ත වැඩ සටහන සඳහා 2021 අගෝස්තු හා සැප්තැම්බර් මාස වල තවත් රු. 6,43,000ක් වැයකර තවත් ටී ෂර්ට් 900 ක් මිලට ගෙන තිබෙන බවද එම කමිටුවේදී හෙළිදරව් වුණා.

තවත් මුදල් ප්‍රමාණයක්

එම උත්සවය වෙනුවෙන් තවත් රු. 7,64,000 වැඩ සටහනට යොමු කර තිබුණු බවත් එසේ තිබියදී එම වැඩ සටහන හදිසියේම නතර කිරීමට තරුණ සේවා සභාවේ වත්මන් සභාපතිවරයා තීරණයක් ගෙන තිබෙන අතර ඒ නිසා තවත් රු. 2,25,000 ක් ගෙවීමට සිදුවීම පිළිබඳව එහිදී කෝප් සභාපතිවරයා ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් තරුණ සේවා සභාපති වරයා සඳහන් කළේ ඇමතිවරයාගේ (නාමල් රාජපක්ෂ මහතා) උපදෙස් පරිදි කළ එම සුහුරු ගෙවත්ත ජාතික වැඩ සටහනක් හැටියට කළ බවත් කියන විටම ඊට බාධා කළ කෝප් සභාපතිවරයා සඳහන් කළේ එම උපදෙස් දෙන්නේ ඇමතිවරු බවත් මෙම සභාවල කතා කරද්දී හැම දේටම ඇමතිතුමා ඇමතිතුමා කියන්න යන්නෙ නැතිව ඇමතිතුමා කුමක් කීවත් එය කිරීම ඔබේ වගකීමක් බව පෙන්වා දුන්නා.

ඇමතිතුමා ඒ සඳහා උපදෙස් දුන්නට එය පටන් ගැනීමෙන් පසු කරගෙන යෑම ඔබේ වගකීමක් බවද කෝප් සභාපති වරයා තරුණ සේවා සභාවේ සභාපතිවරයාට සභාපතිවරයාට පෙන්වා දුන්නා.

වටේ ගිය උත්තර

යළිත් ඊට පිළිතුරු දීම ආරම්භ කළ තරුණ සේවා සභාපතිවරයා එම වැඩසටහන පිළිබඳ විග්‍රහයක් කිරීමට පටන්ගත් විට චරිත හේරත් මහතා යළිත් මැදිහත් වී මේ කතා කරන්නේ වැඩ සටහන ගැන නෙමෙයි ඒක නතර කර තිබීම පිළිබඳව බව තරුණ සේවා සභාපතිවරයාට මතක් කර දුන්නා.

යම්කිසි රාජකාරි කටයුත්තක් නිසා අමාත්‍යවරයාට සුහුරු ගෙවත්ත වැඩ සටහන කල් දැමීමට සිදු වූ බවත් එය කල් දමා යළිත් කරන්නට සිදු වූ බව එහිදී තරුණ සේවා සභාපතිවරයා කළ ප්‍රකාශයට අප්‍රසාදය කෝප් කමිටු සභාපතිවරයා පලකලා.

එසේ කරමින් කෝප් සභාපතිවරයා සදහන් කළේ තරුණ සේවා සභාවට දාන්න තිබ්බේ මුද්‍රණාලයක් (තරුණ සේවා සභාව වියදමක් දරමින් නමට පමණක් පවත්වාගෙන යන ඒ මුද්‍රණාලය පිළිබඳවද කෝප් කමිටුවේ සාකච්ඡා වුණා) නොව ටී ෂර්ට් හදන කර්මාන්ත ශාලාවක් බව සදහන් කළේ තරුණ සේවා සභාව වැඩ සටහනින් වැඩ සටහනට ටී ෂර්ට් වෙනස් කරමින් නොසෑහෙන්න ටී ෂර්ට් ගහන බව තමාට පෙනෙන බවයි.

Rate this item
(7 votes)
Last modified on Wednesday, 17 November 2021 17:55