May 05, 2024

පහළ කඩුගන්නාව විවෘත කරනවාද? නැද්ද ? තීරණය හෙට

November 14, 2021

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් විවෘත කරනවා ද නැද්ද යන්න පිළිබදව හෙට ප්‍රකාශයට පත් කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය පවසනවා.

ප්‍රදේශයට පවතින කාලගුණ තත්ත්වය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත මෙම තීරණය ගන්නා බවයි ඔහු කියා සිටියේ.

අධික වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ අවදානමක් නිසා පසුගිය 9 වන දා සිට කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය පහල කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා තැබීමට බලධාරීන් පියවර ගනු ලැබුවා.

එමෙන්ම, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අද ක්ෂේත්‍ර පරීක්ෂාවක නිරත වුණා.

ඒ අනුව අස්ථාවර වූ පස් තට්ටුවේ වැසි ජල තෙරපුම අඩු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සිදුකළ බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත් : නුවර පාර අසල කන්ද සෙලවීමට ලක්වෙලා - පස් සහ ගල් තට්ටුව පහලට තල්ලුවෙලා

                 පහළ කඩුගන්නාව තවදුරටත් වසා දමයි! නුවර යන්න මේ පාරෙන් එන්න

                නුවර පාර ලොකු අවදානමක! පහළ කඩුගන්නාවේ පැල්මක්

                කඩුගන්නාව යළි විවෘත කිරීම කාලගුණයේ වෙනස් වීම මත

                නුවර පාරේ අවධානම මැද මංතීරුවක් විවෘත කරයි

                කොළඹ නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමයි

Rate this item
(0 votes)