May 12, 2024

බොරතෙල් නැහැ - සපුගස්කන්දත් වසා දමයි

November 14, 2021

සපුගස්කන්ද තෙල් පිහිපහදුවේ ගබඩා කර ඇති බොරතෙල් අවසන්වීම හේතුවෙන් එහි නිෂ්පාදන කටයුතු හෙට සිට නතර කිරීමට සිදුව ඇති බව ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක්ද මතුවිය හැකි බවයි වෘත්තීය සමිති චෝදනා කළේ.

කෙසේ වෙතත්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සඳහන් කළේ තවත් දින 15 කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවයි.

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේ, පිරිපහදු කටයුතු සඳහා අවශ්‍ය බොරතෙල් අවසන්වීම මෙයට හේතුවී ඇති බවය.

ඒ මහතා මෙසේ ද අදහස් පළ කළා,

"ඉතිහාසයේ පළවෙනි වරට පිරිපහදුව නවත්වනවා හෙට. බොරතෙල් ලෝකයේ නැති හින්දා නෙමෙයි පිරිපහදුව හෙට වහන්නේ. ඇති වෙනකම් බොරතෙල් තියෙනවා. ඩීසල් සහ පෙට්‍රල් විතරයි නිත්‍ය ඇනවුම් තියෙන්නේ. පෙට්‍රල් ජනවාරි වෙනකම් තියෙනවා. ඇමති කියන පරිදි මේ මාසයෙන් පස්සේ ඩීසල් එනවද කියන එක ඇමති කියන්න ඕනේ. ඔක්තේම්බර් 5 වනදා පස්සේ නැවක් තාම නැහැ. ඒක හින්දා මාස තුනක් පිරිපහදුව දිව්වේ දිනකට මෙට්‍රික්ටොන් 3,500ක 50%ක අඩුවෙන්. ඕනනම් ආපසු මාව CID දායි. හැබැයි කිව්වේ ඇත්ත. භූමිතෙල් නිෂ්පාදනය නවතිනවා. තමා කිසිම ඇනවුමක් නැහැ. හදිසි මිලදී ගැනීම්වලට යන්න වෙන්නේ. ඒ ගත්තත් මාස දෙකක් තුළ ඉන්ධන මිල සූත්‍රය ඇවිල්ලා ජනතාව නොමාර මරණ එක මරණවා. ඉන්ධන ඉදිරියේදී සලක සහ පෝලින් ක්‍රමයට තමයි දෙන්න වෙන්නේ." 

Rate this item
(1 Vote)
Last modified on Sunday, 14 November 2021 22:02