April 26, 2024

ඉන්ධන පිරවුම්හලක් අසල ගුටි කෙළියක් (VIDEO) Featured

කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලක් අසල ඊයේ ගැටුමක් ඇති වී තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් මෙම සිදුවීම ගුටි කෙළියක් දක්වා ම වර්ධනය වූ බවයි වාර්තා වන්නේ.

ඩීසල් ඉවර වී ඇති බවට දැනුම් දීමත් සමඟම කෙමෙන් කෙමෙන් ඇති වූ බහින් බස් වීම දුරදිග යාමෙන් අනතුරු ව එහි සිටි පුද්ගලයකු හා හිමිකරු අතර ඇති වූ ගැටුම මීට හේතුවයි.

පසුව, පැමිණ සිටි පාරිභෝගිකයන් මෙන්ම ඉන්ධන හලේ සේවකයන් ද මැදිහත් වීමෙන් ගැටුම වර්ධනය වී විශාල ගුටි කෙළියක් දක්වා සිද්ධිය වර්ධනය වී තිබෙනවා.

එම අවස්ථාවේ දී ඉන්ධන පිරහුම් හල ඉදිරිපිට රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු පැමිණ ගැටුම සමථ කිරීමට උත්සාහ කළ බවත් වාර්තා වනවා.

ගැටුම නිම වීමත් සමඟම ඉන්ධන ලබා දෙමින් තිබූ ඩීසල් පොම්පය අසල විදුලිය ද විසන්ධි වී ප්‍රදේශයම අන්ධකාර වී ඇති අතර, ගැටුමට සම්බන්ධව සිටි පාරිභෝගිකයන් හූ හඬ නගමින් එම ස්ථානයෙන් පිටත් වී තිබෙනවා.

Rate this item
(3 votes)
Last modified on Thursday, 17 March 2022 12:38