May 12, 2024

අපිව නොසලකා හැරියා - ජනපතිට ලිපියක්

November 14, 2021

අයවැයෙන් රාජ්‍ය සේවකයින් නොසලකා හැර, රුපියල් 16000/-  වැටුප් හෝ දීමනා ලබා නොදීම පිළිබඳ රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනය ජනපතිට ලිඛිතව දන්වා තිබෙනවා.

පසුගිය 12  පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කල 2022  අය-වැය යෝජනා මගින් මෙරට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් දීමනා ලබා දී නැති බවත් එනිසාම මිලියන 1.5  රාජ්‍ය සේවකයින් හා ඔවුන්ගෙන් යැපෙන මිලියන 6කට ආසන්න ජනතාව ජිවත් වීමේ  අපහසුතාවයට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව පසුගිය සංගණනයට අනුව හතර දෙනකුගෙන් යුතු පවුලකට මසක් ජිවත් විමට රු.58000 අවැසි බව සදහන්ව තිබුණද , වත්මන් සමයේ ශීඝ්‍රව භාණ්ඩ මිල ඉහළ යෑම නිසාවෙන් මේ තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ඇති බවත් එනිසා ඉදිරි සති කීපය තුළදි මේ පිළිබද අවධානය යොමු නොකරන්නේ නම් කිසිදු දැන්වීමකින් තොරව වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට යොමුවන බවත් ඔවුන් සඳහන් කරනවා.

එහි වගකීම රජය භාරගතු යුතු බව ජනපතිතුමාට රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනය වෙනුවෙන්, එහි ජාතික සංවිධායක බි.ඒ.පි.බස්නායක මහතාගේ අත්සනින් යුතු ලිපියේ දක්වා තිබෙන බවටයි වාර්තා වෙන්නේ.

උපුටාගැනීම,

"භාණ්ඩ මිල ඉහළ යාමට ප්‍රථමව පැවති ජීවන වියදමට සාපේක්ෂව ලැබුණු වැටුපද සෑහිමකට පත්විය නොහැකි තත්ත්වයක තිබුණි. රාජ්‍ය අංශයේ සංගණන අනුව හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මසකට සාමාන්‍යයෙන් රුපියල් 58,000ක වියදමක් යන බව සඳහන් කර තිබුණි.

එවැනි තත්ත්වයක් තුළ මසකට වරක් වැටුප් ලබන රාජ්‍ය සේවකයින් 2022 අයවැයෙන් වැටුප් හෝ දීමනා වැඩිවීමක් දැඩිව අපේක්ෂා කරන ලදී. නමුත් අයවැය සභාගත කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවකයින් කබලෙන් ලිපට ඇද දැමීමක් සිදුකර ඇති බව මනාව පැහැදිලි වේ.

ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ලෙස සමස්ත රාජ්‍ය සේවයටම සරිලන ආකාරයට අවම රුපියල් 18,000ක වැටුප් හෝ දීමනා වැඩිවීමක් අපේක්ෂා කරනු ලබන අතර එසේ නොමැතිනම් ඉදිරියේදී සමස්ත රාජ්‍ය සේවයම මේ ගැටලුව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග වෙත යොමුවන බව කනගාටුවෙන් වුවත් දැනුම් දෙමු.

2022 අයවැය සඳහා රාජ්‍ය සේවකයින්ට දීමනා ලබාදීමට ඉදිරි සති දෙක ඇතුළත කටයුතු කරන මෙන් ඉල්ලා සිටින අතර එසේ නොමැති වුවහොත් නොදන්වාම වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බව මෙයින් දන්වා සිටිමු."

උපුටා ගැනීම අවසන්.

Rate this item
(2 votes)
Last modified on Sunday, 14 November 2021 20:53

Related items