May 11, 2024

බැසිල්ගේ කතාවට ස්ටාලින්ලාගේ හිත යයි: අත්පුඩිත් ගහයි

November 15, 2021

ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට විසඳුම් ලබා දුන් රැස්වීමේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයකට සියලු දෙනාම අත් පුඩි ගසමින් සතුට පළ කළ බව දැනගන්නට තිබෙනවා.

ඒ මෙවර අය වැයෙන් අධ්‍යාපනයට වෙන් කර ඇති මුදල සම්බන්ධයෙන්.

මුදල් ඇමතිගේ ප්‍රකාශය

ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට පිළියම් යෙදීමෙන් පසු රැස්ව සිටි පිරිස අමතා තිබෙන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙවර අය වැයෙන් 7.5% ක් අධ්‍යාපනය සඳහා වෙන් කොට ඇති බව වෘත්තීය සමිති නායකයින්ට මතක් කර දී තිබෙනවා.

යහ පාලන ආණ්ඩුව තිබූ සමයේ අධ්‍යාපනයට ජාතික ආදායමෙන් .06% ක් වෙන් කරන ලෙස නිර්මාල් ජයතිලකලා ඉල්ලා සිටි බව එහිදී මුදල් අමාත්‍යවරයා පෙන්වා දී තිබෙන්නේ ඒ බව අද බොහෝ දෙනකුට අමතක බවද සඳහන් කරමින්.

අතීතය මතක තිබීම

එහෙත් තමාට එය අමතක නොවූ බව සඳහන් කර ඇති මුදල් ඇමතිවරයා මෙවර අය වැයෙන් 7.5% ක් වෙන් කර ඇති බව සඳහන් කරද්දී වෘත්තීය සමිති නායකයන්ද ඊට සිය සතුට පළ කරමින් අත් පොළසන් දී තිබෙනවා.

ජෝසෆ් ස්ටාලින් , මහින්ද ජයසිංහ , වසන්තා හදපාන්ගොඩ වැනි එකිනෙකාට විරුද්ධ වෘත්තීය සමිති නායකයන් එසේ අත්පුඩි ගැසූ පිරිස අතර සිටින බවයි වාර්තා වන්නේ.

ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට පිළියම් ලබා දුන් එම රැස්වීම පවත්වන ලද්දේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

Rate this item
(0 votes)
Last modified on Monday, 15 November 2021 00:29