May 12, 2024

රාජ්‍ය කඨින මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

November 14, 2021

රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහ මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරස්ථානයේදී අද පැවැත්වුණා.

දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු දෙවන අවස්ථාව මෙය බව ජනාධිපති කාර්යාලය පවසනවා.

කපු වගා කර, නූල් කටිමින්, එම නූලෙන් වියූ කපු රෙදි භාවිත කරමින් කඨින චීවරය මසා පඬු පෙවීමෙන් පසු සාංඝික කිරීම පෙර රජ දවස සිට පැවත එන චාරිත්‍රයක්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි බතික්, අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සංවිධාන කළ කඨින චීවර පූජා මහෝත්සවයට පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරාධිකාරී ගල්ලැහැපිටියේ පේමරතන හිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසුවා.

කඨින චීවරය පඬු පෙවීම, පඬු ගල්වනයට ඖෂධ එක් කිරීම හා පඬු බඳුන සඟ සතු කොට පූජා කිරීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කරනු ලැබුවා.

පඬු පෙවූ කඨින චීවරය ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා පෙරහරින් වැඩම කරවා සඟ සතු කොට අනතුරුව පූජා කළා.

දහවල් දානය පිළිගැන්වීමද ජනාධිපතිවරයා සහ මැති ඇමැතිවරුන් අතින් සිදු කෙරුණා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 November 2021 20:44

Related items