May 13, 2024

2019 වෙනකම් ජවිපෙ හිටියේ අපි එක්ක: එජාප සභාපති වජිර හෙළි කරයි

November 14, 2021

2019 ජනාධිපතිවරණය දක්වා ජනතා විමුක්ති පෙරමුණ , එක්සත් ජාතික පක්ෂය සමග එකට වැඩ කළ බව වජිර අබේවර්ධන මහතා හෙළිදරව් කරනවා.

වත්මන් එ.ජා.ප සභාපතිවරයාද වන අබේවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ 2019 රාජපක්ෂවරුන්ට එරෙහි ජනපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා වූ සුගතදාස ක්‍රීඩාංගණයට ලක්ෂ 10 කැඳවීමට කළ සූදානම කඩාකප්පල් වීමත් සමඟ ජ.වි.පෙ තම පාර්ශවයෙන් ඉවත් වූ බවයි.

සමුළුව කඩාකප්පල් වීම

සුගතදාස ක්‍රීඩාංගණයේ එම සමුළුව පැවැත්වීමට සූදානම් කර තිබුණේ සියලු පක්ෂවල එකඟතාවයෙන් ජනපති අපේක්ෂකයා තේරීම සඳහා බවත් එය කඩාකප්පල් වීමත් සමග එම උත්සාහය වතුරේ ගියා පමණක් නොව ජ.වි.පෙ ඇතුළු බොහෝ පක්ෂවල සහායද එ.ජා.ප.යට අහිමි වූ බවයි.

ඒ අවස්ථාවේ ජ.වි.පෙ සිය සහයෝගය දීමට සූදානමින් සිටි බව අබේවර්ධන මහතා හෙළි කරන්නේ 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයේ ජ.වි.පෙ භූමිකාවද මතක් කර දෙමින්.

2015 ජවිපෙ භූමිකාව

ජනපතිවරණයේ දී ජ.වි.පෙ එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයාට උදව් කළ බව අබේවර්ධන මහතා සඳහන් කරන්නේ එසේ උදව් නොකළේ නම් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති වන්නේ කෙසේදැයි යන්නද ප්‍රශ්න කරමින්.

වජිර අබේවර්ධන මහතා මෙම කරුණු හෙළිදරව් කළේ කළුතර දිස්ත්‍රික්කයේ පැවති එ.ජා.ප හමුවකදී.

එම හමුව මාධ්‍යයෙන් තොරව පැවැත් වුවද එම අවස්ථාවට සහභාගි වූ පුද්ගලයකු විසින් අදාල කතාව ඉතා පැහැදිලිව පටිගත කොට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 November 2021 15:32