May 05, 2024

නුවර පාර අසල කන්ද සෙලවීමට ලක්වෙලා - පස් සහ ගල් තට්ටුව පහලට තල්ලුවෙලා Featured

November 14, 2021

පසුගිය 9 වනදා රාත්‍රියේ ඇතිවූ අධික වර්ෂාවත් සමඟ පහළ කඩුගන්නාව මාර්ගයේ පස් ස්ථරයක් අස්ථාවර වීම හේතුවෙන් ආසන්නයේ තිබු වෙළඳ කුටි බොහොමයකට දැඩි බලපෑම් එල්ල වුණා. 

මේ වෙන විට ඒ සියලුම වෙළඳසල් ඉවත් කර ඇති අතර එම ප්‍රදේශය දැඩි අවධානම් කලාපයක් ලෙසද නම් කර තිබෙනවා.

කොළඹ – නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමේ අවදානමට ලක්ව ඇති ස්ථානයේ කන්දේ ඊයේ (13) උදෑසන භෞතික පරීක්ෂණයක් සිදුකරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම කන්දේ තත්ත්වය පිළිබඳ පොළොව විද පරීක්ෂා කරන බවයි.

දැනට එම ස්ථානයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් මාර්ගය විවෘත කිරීම පිළිබඳ තීරණයක් ගෙන නොමැති බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළා.

දැනට එම ස්ථානයේ ගල්තට්ටුව මත ඇති ජලය ඉටි උර මගින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයනත කිහිපයක නියෝජිතයින් එම පරීක්ෂා කිරීම් කටයුතු සිදු කරනු ලබනවා.

මේ අතර පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් 30කට ආසන්න සංඛ්‍යාවක් ද මේ වන විට ඉවත් කර ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ප්‍රකාශ කළා.

මේ වන විට පහළ කඩුගන්නාව මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන් නවතා තබා ඇති අතර යුධ හමුදාව, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් එම ස්ථානයට අනියුක්ත කර තිබෙනවා.

කඳු සහිත ඉහළ ප්‍රදේශය හරහා පහළට ගලා බසින එම ජල මුලාශ්‍ර භූගත පසට කාන්දු වීම වැලැක්වීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්.බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාණ්ඩයක් අනියුක්ත කිරීමට ද කටයුතු කෙරුණා. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ  තාක්ෂණික කටයුතු අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කළේ,

"ප්‍රධාන මාර්ගයට ඉහළින් දීර්ඝ කාලයක් තිස්සේ තැන්පත් වෙච්ච පස් සහ ගල් තට්ටුව ක්‍රමයෙන් පහලට තල්ලුවීමක් සිදුවෙමින් පවතිනවා. ඊට ඉහළින් තියෙන්නේ ලොකු ගල්. මේ අවදානම අවම කරන්න අපිට කරන්න තියෙන්නේ ජලය බැසයෑම ක්‍රමාණුකූලව සකස් කිරීම."

කොළඹ – නුවර මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් මේ වන වටි එලෙස වසා දමා ඇත්තේ, නායයෑමේ අවදානමක් හේතුවෙන්.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 November 2021 02:58