April 28, 2024

දඹුල්ලේ බලු බද්ද දුර දිග යයි : ප්‍රවෘත්තිය ලියූ මාධ්‍යවේදීන් සීඅයිඩියට

November 14, 2021

දඹුල්ල මහ නගර සභා නගරාධිපතිවරයාගේ බලු බද්දේ යෝජනාව වාර්තා කළ මාධ්‍යවේදීන් තිදෙනෙකු ඊයේ (12) අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා තිබුණා.

ඒ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව.

සැප්තැම්බර් 10 පැමිණිල්ල

නගරාධිපතිවරයා එම පැමිණිල්ල කර තිබුණේ සැප්තැම්බර් 10 වැනිදා.

මෙසේ කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණේ සරත් එරමිනිගම්මන මාධ්‍යවේදියා ඇතුළු පිරිසක්.

ඔවුන් කැඳවා තිබුණේ එළඹෙන 2022 ජනවාරි සිට දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ නිවෙස් වල ඇති කරන සුරතල් සුනකයින් සදහා බලු බද්දක් යෝජනා කරමින් දඹුල්ල නගරාධිපතිවරයා ඉදිරිපත් කළ පත්‍රිකාවක් සම්බන්ධයෙන් වාර්තා කිරීම පිළිබඳ ප්‍රශ්න කිරීමටයි.

මාධ්‍යකරනයට බාධා

කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමෙන් පසු සරත් එරමිනිගම්මන මහතා මාධ්‍ය හමුවේ සඳහන් කළේ තමන් අතට පත්වන මූලාශ්‍ර පදනම් කර ගනිමින් මාධ්‍යකරණයේ යෙදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙයදැයි ඔහු ප්‍රශ්නද කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 14 November 2021 02:50