April 28, 2024

පහළ කඩුගන්නාව තවදුරටත් වසා දමයි! නුවර යන්න මේ පාරෙන් එන්න

November 14, 2021

කොළඹ නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය තවදුරටත් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

පැවති අයහපත් කාලගුණික තත්වය හමුවේ නායයාමක් හේතුවෙනුයි එම මාර්ගය වසා තැබුණේ.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ දිනපතා උදෑසන 10.00ට ක්ෂේත්‍ර පරීක්ෂාවෙන් අනතුරුව විශේෂඥයන් එක්ව ලබාදෙන නිර්දේශ මත මාර්ගය විවෘත කෙරෙන දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.

කොළඹ - නුවර මාර්ගයේ 98 වන කිලෝමීටර කණුව ආසන්න පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට පස් කඩා වැටීමේ තත්ත්වයක් උද්ගතව පවතින අතර දැනට මේ සම්බන්ධයෙන් තික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), මාර්ග සංවර්ධන අධිකාරිය හා අනෙකුත් විශේෂඥයන් එක්ව ‍ක්ෂේත්‍ර පරීක්ෂාවන්වල යෙදෙමින් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතිනවා.

එම පරීක්ෂාවන් දිනපතා උදෑසන 10.00ට සිදු කරනු ලබන අතර එම ආයතන ලබා දෙන තීරණය මත නැවත මාර්ග විවෘත කරනු ලබන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ඇති.

එතෙක් මෙම මාර්ග කොටස සම්පූර්ණයෙන්ම වසා තබන බව දන්වන අතර මෙමගින් මහජනතාවට සිදුවන අපහසුතාවන් වළක්වා ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙන්නේ.

ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම් ශ්‍රී ලංකා පොලීසිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකරනු ලබනවා.

1.     අබේපුස්ස - කුරුණෑගල - කටුගස්තොට - නුවර මාර්ගය

2.     කෑගල්ල - පොල්ගහවෙල - කුරුණෑගල - කටුගස්තොට - නුවර මාර්ගය

3.     මාවනැල්ල - රඹුක්කන - හතරළියැද්ද - ගලගෙදර - නුවර මාර්ගය

4.     මාවනැල්ල - හෙම්මාතගම - ගම්පොළ - පේරාදෙණිය - නුවර මාර්ගය

එමෙන්ම පවතින කාලගුණික තත්ත්වය අනුව මාර්ගය භාවිතා කිරීම සම්බන්ධව මාර්ගෝපදේශ ලබාදීමට කටයුතු සිදුකරනු ලබන අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙහි උපදෙස් මත මෙම මාර්ගයෙහි ආරක්ෂාව තවදුරටත් තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය ස්ථිර විසඳුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නා බව  මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

සබැඳි පුවත් : නුවර පාර ලොකු අවදානමක! පහළ කඩුගන්නාවේ පැල්මක්

                 කඩුගන්නාව යළි විවෘත කිරීම කාලගුණයේ වෙනස් වීම මත

                 නුවර පාරේ අවධානම මැද මංතීරුවක් විවෘත කරයි

                 කොළඹ නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමයි

Rate this item
(1 Vote)
Last modified on Sunday, 14 November 2021 02:59