April 28, 2024

මන්ත්‍රී විශ්‍රාම වැටුප් යෝජනාව දුන් අය ගැන ඇමැති බැසිල් හෙළි කරයි

November 14, 2021

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපට හිමිකම් ලැබීම සඳහා වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කළයුතු බවට වූ යෝජනාව ගෙනආවේ කවුදැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවා. 

2022 අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ යෝජනාව ආවෙත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ 40%ක් ඉන්නේ නව මන්ත්‍රීවරු බවත් කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,

"මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නව පනතකින් කරන්න ඕනේ. ඒ පනත ගෙන ඒමේදී ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත් සහාය ලැබෙයි කියලා හිතනවා. විශ්‍රාම වැටුපක් ලැබීමට සාමාන්‍ය හිමිකම් ලැබෙන්නේ වසර 10ක් වත් සේවය කළොත් තමයි රජයේ සේවකයින්ට. ඒ අනුව අපි හිතනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් විශ්‍රාම වැටුපක් ලැබීමට නම් අවුරුදු 5 ප්‍රමාණවත් නෑ කියලා. වසර 10ක් වත් සම්පූර්ණ කළ යුතුයි කියලා. ආණ්ඩු පක්ෂයේ 40%ක් ඉන්නේ නව මන්ත්‍රීවරු. මේකට වැඩියෙන්ම සතුටු වුණෙත් ඒ මන්ත්‍රීවරු. මේ යෝජනාව ආවෙත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන්මයි. මම ඔවුන්ට ගෞරව කරනවා ඒකට."

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 November 2021 03:06