May 18, 2024

තාම ඔටුන්න තියෙන්නේ අපේ ළඟ - ඔටුන්න හිමි කුමාරයෙක් හොයන්න සිද්ධ වෙනවා - මුරුත්තෙට්ටුවේ හිමි

වසංගතයක් මැද විවිධ අණ පනත් ගෙනවිත් සම්මත කරගැනීම නොව කළ යුත්තේ මේ වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සඳහා හැකි තරම් ඉක්මණින් ජනතාවට එන්නත ලබා දීම බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (18) නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

ජනතාවගෙන් 60%කට පමණ එන්නත ලබා දිය යුතු බවට ආණ්ඩුව පැවසුවද තවමත් එන්නත ලබා දී ඇත්තේ 6%ක පමණ සුළු පිරිසකට බව උන්වහන්සේ කියා සිටියේය.

ජනතා ජන්දයෙන් කොටසක් පාර්ලිමේන්තු ඒවා ඇත්තේ ජනතාව ආරක්ෂා කරගැනීම වැඩපිළිවෙලක් සකස් කර ගැනීමට වුවද මේ ආණ්ඩුව දැන් අඹ ගැන කතා කරද්දී ලබු ගැන කියන තත්ත්වයට පත්ව තිබෙන බව සඳහන් කළහ.

පවතින අඩුපාඩු ප්‍රශ්න ගැන කොතෙක් හඬ නගා පැවසුවද බලධාරීන්ට නොතේරෙන බව උන්වහන්සේ පැවසුවේය. 

මෙම තත්ත්වය යටතේ වුවද ආණ්ඩුව පෙරළීමේ අවශ්‍යතාවක් නොමැති නමුත් තවමත් ඔවුන්න ඇත්තේ අපේ අතේ හෙයින් අවශ්‍ය වුවොත් ඔටුන්න හිමි කුමාරයෙක් සෙවීමටද සිදුවිය හැකි බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 18 May 2021 21:43

Related items