May 06, 2024

රටම කම්පා කළ තරුණිය ඝාතනය කළ වේල්ල වීදිය ඝාතකයා මිය ගිය හැටි - සිදුව ඇති දේ ඇසින් දුටුවුන් කියන කතාව (PHOTO)

රටම කම්පා කරමින් පසුගියදා (01) කොළඹ පිටකොටුව, වේල්ලවීදයේ අත්හැර දමා ගිය ගමන් මල්ලක තිබී හිස නොමැති තරුණියකගේ මළ සිරුරක් හමුවිය.

මේ සම්බන්ධව විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් ඔස්සේ පොලිස් පරික්ෂණ ආරම්භ වූ අතර ඝාතකයා සම්බන්ධව විශේෂ හෙළිදරව් වීම් රාශියක් සමඟින් අද (03) දිනයේ ඝාතනය සිදු කළ පුද්ගලයා මෙන්ම මිය ගිය තරුණිය පිළිබඳව අනාවරණය විය.

මෙම ඝාතනය සිදු කර තිබුණේ බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන ලද, බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 52 හැවිරිදි උප පොලිස් පරික්ෂකවරයෙකි.

එමෙන්ම මිය ගොස් සිටි තරුණිය 30 වැනි වියේ පසු වූ රත්නපුර කුරුවිට ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවද මේ වන විටත් අනාවරණය වී තිබේ.

ඝාතනය සම්බන්ධ උප පොලිස් පරික්ෂවරයා අද (03) දිනයේ ඔහුව පදිංචිව සිටි පහේ කණුව ප්‍රදේශයේ රබර් ගසක එල්ලී සියදිවි නසාගෙන සිටියදී සොයාගෙන තිබුණි.

මෙම මරණය සිදු වූ ආකාරය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සැකකාර උප පොලිස් පරික්ෂවරයා සොයා විශේෂ පොලිස් කණ්ඩායම් ඊයේ (02) සවස් කාලයේ දී බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයට ගොස් මෙහෙයුම් ආරම්භ කර බවයි.

මෙම අවස්ථාවේ අදාළ සැකකරුවා විසින් නිවස අසළ තිබූ කැළෑවකට පළා ගිය ගොස් තිබූ බවත් ඊයේ රාත්‍රී කාලය පුරාවම මෙලෙස පලා ගිය සැකකරුවා සොයා විශේෂ මෙහෙයුම් දියත් කළ බවත්, අද (03) දින උදෑසන 6.30 පමණ වන විට සැකකරුගේ මිය ගිය සිරුර නිවස ආසන්න කැළෑ ප්‍රදේශයේ තිබී සොයා ගෙන තිබූ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.

මෙම සැකකරු ගසක එල්ලී මිය ගොස් සිටි බවත්, ඒ අසළම වස කුප්පියක් ද තිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා සඳහන් කර සිටියේය. මේ සම්බන්ධව විමර්ශනයක් ක්‍රියාත්මක බවත්, මෙය දැනට සියදිවි නසාගැනීමක් බවට ස්ථානීය පරික්ෂණ සාක්ෂි මඟින් අනාවරණය වන බවත් පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ මේ බව තහවුරු කර ගැනීමට වන්නේ මහේස්ත්‍රාත් පරික්ෂණයක් සහ පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කර ගැනීමෙන් පසුව බවද සඳහන් කර සිටියේය.

මෙම උප පොලිස් පරික්ෂකවරයා මිය ගොස් සිටින බවට මුලින්ම දැක තිබුණේ උප පොලිස් පරික්ෂවරයා ජීවත් වන ප්‍රදේශයේ ම පදිංචිව සිටින වයස්ගත පුද්ගලයෙකු වන අතර ඔහු සිය බිරිඳ සමඟ රබර් කිරි කැපීම සඳහා ගිය අවස්ථාවේ මෙම සිදුවීම දැක තිබුණි.

එහිදී ඔහු පළ කර සිටියේ මෙවන් අදහසක් “මගේ නෝනා කිරි කපනවා. එයාගේ තනිවට මම එතනට ගියා. එළිය වැටෙනකල් මම හැමදාම යනවා. එයා කිරි කපනකල් මම ටෝච් එක කන්දේ ඈතට අල්ලනවා. එළිය අල්ලනකොට පඹයෙක් වගේ මොකද්ද එකක් තියෙනවා. මම බැලුවා මේ රබර් ගහ ද කියලා. මගේ ඇස් පේනවා අඩුයි. මම නෝනගෙන් ඇහුවා කවුද කියලා බලන්න කියලා. මෙහෙම කතාවකුත් තිබ්බනේ. එල්ලිලා කියලා එයා කිව්වා. අපි දෙන්නත් එකක් ම ආයේ කිරි කැපුවේ නෑ. අපි දුව ගෙන ම ගෙදර ආවා. 5.30ට විතර දැක්කේ. ඒ කරලා පුතාලට කිව්වා. පුතයි මායි ආපහු ගියා. ඊට පස්සේ පුතා කිව්වා අහවලා කියලා. ඊයේ රාළහාමිලා මෙතනින් ගියා. යන ගමන් ඇහුවනේ ප්‍රේමසිරි කියලා කෙනෙක් දැක්කේ නැද්ද ඇහුවා. ඒ වෙලාවේ ගිහින් හෙව්වට හොයා ගත්තේ නෑ. එච්චරයි දන්නේ..’’

මෙලෙස සියදිවි හානි කරගත් පොලිස් නිලධාරියා 52 හැවිරිදි දෙදරු පියෙක් බවද වාර්තා වෙයි.

මිය ගිය පුද්ගලයාගේ ඡායාරූප පහතින්,

සැබැඳි පුවත් -

වේල්ලවීදිය ඝාතකයා සියදිවි නසා ගනී

තරුණියකගේ හිස කඳෙන් වෙන් කර ට්‍රැවලින් බෑගයේ දැමූ ඝාතකයා හඳුනා ගනී! - අභිරහස් ඝාතනය විසඳෙයි

වේල්ලවීදියේ ඝාතකයා ‘රම්බෝ’ වගේ කෙනෙක් - ඇසින් දුටුවන් ඝාතකයා ගැන හෙළි කරයි (VIDEO)

[Exclusive] තරුණියකගේ හිස කපා සිරුර ට්‍රැවලින් බෑගයක දැමූ ඝාතකයා අත්අඩංගුවට ගැනීම අත ළඟ

හිස කඳින් වෙන් කළ තරුණියව ට්‍රැවලින් බෑගයේ දමා පැමිණි හැටි පිළිබඳව තවත් කරුණු හෙළිවෙයි

තරුණියක් මරා ට්‍රැවලින් බෑගයක දමාගෙන ඝාතකයා පැමිණි අයුරු CCTV කැමරාවේ සටහන් වෙයි

Rate this item
(1 Vote)
Last modified on Thursday, 04 March 2021 11:55

Related items