May 02, 2024

කුරුවිට තරුණියගේ පශ්චාත් මරණ පරික්ෂණය අවසන් - දේහය ඥාතීන්ට භාර දෙයි

වේල්ල වීදියේ අත්හැර දමා ගිය බෑගයක තිබී හමු වූ හිස නොමැති තරුණියගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණය අවසන්ව තිබේ.

ඇයගේ හිස සොයාගන්නා තුරු පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට හැකියාවක් නොතිබුණි.

පසුව තරුණියගේ සහෝදරයා සහ මවගෙන් ලබා ගත් ඩී.එන්.ඒ. සාම්පල් සමඟ මිය ගිය තරුණියගේ ඩි.එන්.ඒ සාම්පල් සසඳා බැලීමට තීරණය කළ අතර එහි වාර්තාව අද (09) දිනයේ නිකුත් විය.

ඒ අනුව, ඝාතනයට ලක්ව ඇති තරුණිය කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණිය බවට සනාථ වී තිබේ.

ඒ අනුව අද දිනයේ දී ඇයගේ පශ්චාත් මරණ පරික්ෂණයද සිදු කෙරුණි.

වේල්ලවීදියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඒෂියන් මිරර් වෙත පවසා සිටියේ මේ වන විට තරුණියගේ පශ්චාත් මරණ පරික්ෂණය අවසන්ව ඇති බවත් දේහය තරුණියගේ ඥාතින් වෙත ලබා දෙන බවත්ය.

Rate this item
(4 votes)

Related items