May 02, 2024

කුරුවිට තරුණිය ඝාතනය කළ ආකාරය අභිරහසක් වෙයි - මරණ පරික්ෂණයෙන් හෙළි වූ කරුණු මෙන්න

වේල්ලවීදියේ ඝාතනයෙන් මිය ගිය තරුණියගේ ඩි.එන්.ඒ වාර්තාව ලැබීමෙන් පසුව අද (09) දිනයේ දී ඇයගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වුණි.

එහිදී ඇයගේ ඝාතනය සම්බන්ධව සුවිශේෂි කරුණු රැසක් අනාවරණය වී ඇති බවටද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය හමුවේ පවසා සිටියේය.

මෙම ඩී.එන්.ඒ පරික්ෂාවෙන් මිය ගිය තැනැත්තියේ අනන්‍යතාවය තහවුරු වීමෙන් පසුව කොළඹ පිහිටි පොලිස් මෘතශරීරාගාරයේ දී ඇයගේ මරණ පරික්ෂණය සිදු කර තිබේ.

මෙම පරික්ෂණය සිදු කර ඇත්තේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුහුල් හක් මහතා විසිනි.

මෙහිදී මරණ පරික්ෂණ වාර්තාවෙන් හෙළි වී තිබුණේ ඇයගේ හිස කඳින් වෙන් කිරීම ඇයගේ මරණයෙන් පසුව සිදු වූවක් බවටයි. 

එමෙන්ම අධිකරණ මරණ පරික්ෂවරයා විසින් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන් කර තිබුණේ මෙම මිය ගිය තැනැත්තිය ආහාර ගෙන පැය 2 - 3ක් අතර කාලයකදී ඇයගේ මරණය සිදුවන්නට ඇති බවයි.

කෙසේ වෙතත් මරණයට හේතුව සොයා ගැනීම සඳහා තරුණියගේ හිස කොටස පිළිබඳව විමර්ශනයක් කළ යුතුව ඇති බවටද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සඳහන් කර තිබේ. 

මෙම කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සුදානම් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.

එමෙන්ම මෙම මරණය සිදුවීම පිළිබඳව පරික්ෂණයේ කටයුතු 95%ක් පමණ අවසන් කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකරයා සඳහන් කර සිටියේය.

Rate this item
(0 votes)

Related items