May 02, 2024

කුරුවිට තරුණිය ගැන ෆේස්බුක් තුළ පළ වූ තවත් කතාවක් බොරුවක් වෙයි

වේල්ලවීදියේ තිබි හමු වූ හිස නොමැති තරුණියගේ දේහය පිළිබඳව ඩි.එන්.ඒ වාර්තාව මේ වන විට ලැබී ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු ද මේ වන විට අවසන්ව තිබේ.

ඒ අනුව, ඝාතනයට ලක්ව ඇති තරුණිය කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණිය බවට සනාථ වී තිබේ.

මෙම තරුණිය සම්බන්ධව ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා පළ වූ පුවතක් ද ඇයගේ පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසුව අසත්‍යයක් බවට පත්ව තිබේ.

මෙම තරුණියගේ මරණය ගැන සැලවීමත් සමඟ ඇය පිළිබඳව බොහෝ කතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර සමහරක් පිරිසක් විසින් පවසා තිබුණේ ඇය මිය ගිය උප පොලිස් පරික්ෂකවරයා අතින් ගැබිණියක් ව සිටි බවයි. 

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පවසා තිබුණේ එම හේතුව නිලධාරියා විසින් දැන ගැනීමෙන් අනතුරුව මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවයි.

කෙසේ වෙතත් අද (09) දිනයේ පැවැති මරණ පරික්ෂණයේ දී හෙළි වී තිබුණේ ඇය ගැබිණියක්ව නොසිටි බවයි.

මෙම මරණ පරික්ෂණය සිදු කර තිබුණේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුහුල් හක් මහතා විසිනි.

වේල්ලවීදියේ තිබී ඇයගේ සිරුර සොයා ගැනීමෙන් අනතුරුව එය කොළඹ පිහිටි පොලිස් මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබූ අතර ඇයගේ අනන්‍යතාවය තහවුරු කරගන්නා තුරු පශ්චාත් මරණ පරික්ෂණය සිදු නොකළේය.

Rate this item
(3 votes)

Related items