May 02, 2024

රටම කම්පා කරමින් මිය ගිය කුරුවිට තරුණියගේ දේහය නිවසට ගෙන එයි (VIDEO)

ඊයේ (09) දිනයේ දී වේල්ලවීදියේ හමු වූ ඝාතනය කරන ලද කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණියගේ ඩී.එන්.ඒ පරික්ෂාවෙන් පසුව ඇයගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළ අතර ඊයේ පස්වරුවේ දී ඇයගේ දේහය ඥාතින් වෙත ලබා දී තිබුණි.

ඊයේ රාත්‍රී කාලයේ දීම ඇයගේ දේහය තුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවස වෙත රැගෙනවිත් තිබුණි. 

අද (10) දිනයේ ඇයගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ.

පශ්චාත් මරණ පරික්ෂණයේ දී ඇයව ඝාතනය කළ ආකාරය පිළිබඳව සඳහන් නොකර තිබුණු අතර ඒ පිළිබඳව පැවසීම සඳහා තරුණියගේ හිස අවශ්‍ය බවට අධිකරණ වෛද්‍යවරයා විසින් පවසා තිබුණි.

දේහය නිවසට රැගෙන පැමිණි ආකාරය වීඩියෝ දර්ශන පහතින්,

Rate this item
(0 votes)

Related items