May 04, 2024

වේල්ලවීදියේ ඝාතකයා ‘රම්බෝ’ වගේ කෙනෙක් - ඇසින් දුටුවන් ඝාතකයා ගැන හෙළි කරයි (VIDEO)

කොළඹ පිටකොටුව, වේල්ලවීදියේ ගමන් මල්ලක තිබී හිස නොමැති කාන්තා මළ සිරුරක් ඊයේ (01) දිනයේ දී සොයා ගැනීමත් සමඟ සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවා සොයා මේ වන විට පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇති අතර එම සැකකරු සම්බන්ධව බොහෝ විස්තරද දැන් හෙළි වෙමින් තිබේ.

මෙම සැකකරුව ඇසින් දුටුවෙකු රූපවාහිනී නාලිකාවකට අදහස් ප්‍රකාශ කරමින් සඳහන් කර සිටියේ “කොහෙන් ආවද කියලා නම් කියන්න දන්නේ නැහැ, උස මහතයි.. රම්බෝ වගේ පොරක්..මම දෙපාරක් විතර බැලුවා.. මම හිතුවේ රට ගිහිල්ලා එන කෙනෙක් කියලා…” යැයි සඳහන් කර සිටියේය.

මෙම සැකකරු හංවැල්ල ප්‍රධාන බස් නැවතුම්පොළෙන් මාර්ගස්ථ අංක 143 හංවැල්ල සිට පිටකොටුව බලා පිටත් වෙන බස් රථයකට උදෑසන 11.45ට පමණ ගොඩ වී ඇති බවද සිසිටීවී දර්ශන ඔස්සේ මේ වන විටත් හෙළිවී තිබේ.

අවිස්සාවේල්ල - කොළඹ පරණ පාර (ලෝ ලේවල්) ඔස්සේ ඔහු කොළඹ පිටකොටුව වෙත පැමිණ ඇත්තේ දහවල් 1.15ට පමණයි.

මෙම බෑගය අත්හැර දමා ගොස් තිබූ ස්ථානයේ වෙළෙඳසැලක හිමිකරුවෙකු ද මෙම නාලිකාව වෙත අදහස් ප්‍රකාශ කරමින් සඳහන් කර සිටියේ “2.30ට විතර මම කඩේ ඇතුළේ ඉඳන් එනකොට කට්ටිය පිරිලා.. එතන එක්කෙනෙක් දෙන්නෙක් බෑග් එක ඔබලා බලලා තියෙනවා..ඊට පස්සේ මැසේජ් එක දීලා තියෙනවා පොලීසියට..” බවයි.

තවත් පුද්ගලයෙකු සඳහන් කර සිටියේ “බෑග් එක විතරයි අපි බැලුවේ.. 2.30ට විතර දැක්කේ..තැබිලි විකුණන එක්කෙනා කළින්ම දැකලා තියෙනවා පාර්සලයක් තියෙනවා කියලා..පොලීසියේ මහත්තයා ආවට පස්සේ තමා ඇරලා බැලුවේ මොනවද තියෙන්නේ කියලා..” යනුවෙනි.

සැකකරු සිරුර දැමූ බෑගයත් සහිතව ගමන් කළ මාර්ගස්ථ අංක 143 හංවැල්ල - පිටකොටුව බස් රථයේ හිමිකරු අදහස් පළ කරමින් කියා සිටියේ “බස් එක ටර්න් එකට ගහලා කෑම කන්න කඩේට ගිය අතරේ තමා ට්‍රැවලින් බෑග් එක මෙතන ගහලා තිබුණේ..ඊට පස්සේ අපි කොළඹ යනවා..ගෑස් පහෙන් බෑග් එක බානවා.. කොළඹ ගිහිල්ලා අපි ආයෙත් හංවැල්ලේ එනවා.. ඇවිල්ලා යන කොට තමා පොලීසියෙන් කතා කරලා කිව්වේ බස් එක පොලීසියට ගේන්න කියලා..” යැයි සඳහන් කර සිටියේය.

මෙම සිදුවීමට අමතරව හංවැල්ල ප්‍රධාන බස්නැවතුම් පොළේ තිබියදී අයිතිකරුවෙකු නොමැති බෑගයක හමුවී ඇති අතර එය පරික්ෂා කිරීමේදී එය තුළ කාන්තා ඇඳුම් තිබී ඇති බවට අනාවරණය වී තිබේ. හංවැල්ල පොලීසිය විසින් එම බෑගය වැඩිදුර පරික්ෂාව සඳහා සිය භාරයට ගෙන තිබේ.

ඔබ සැකකරු පිළිබඳව යමක් දන්නේ නම් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන්න

වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපතිවරයා - 071 859 1557

කොළඹ හදිසි ඇමතුම් ඒකකය - 011 243 3333

මෙම සාක්ෂිකරුවන්ගේ සම්පුර්ණ අදහස් පහත වීඩියෝවෙන්

සැබැඳි පුවත් -

[Exclusive] තරුණියකගේ හිස කපා සිරුර ට්‍රැවලින් බෑගයක දැමූ ඝාතකයා අත්අඩංගුවට ගැනීම අත ළඟ

හිස කඳින් වෙන් කළ තරුණියව ට්‍රැවලින් බෑගයේ දමා පැමිණි හැටි පිළිබඳව තවත් කරුණු හෙළිවෙයි

තරුණියක් මරා ට්‍රැවලින් බෑගයක දමාගෙන ඝාතකයා පැමිණි අයුරු CCTV කැමරාවේ සටහන් වෙයි

Rate this item
(1 Vote)