May 18, 2024

හිස කඳින් වෙන් කළ තරුණියව ට්‍රැවලින් බෑගයේ දමා පැමිණි හැටි පිළිබඳව තවත් කරුණු හෙළිවෙයි

ඊයේ (01) වැනිදා කොළඹ පිටකොටුව, වේල්ල වීදියේ අත්හැර දමා ගිය ගමන් මල්ලක තිබී හිස කඳින් වෙන් කළ තරුණියකගේ සිරුරක් හමුවිය.

මෙම සිදුවීම වාර්තා වීමත් සමඟ පොලිස් පරික්ෂණ ආරම්භ වූ අතර ඊයේ හවස පමණ විට අදාළ පුද්ගලයා විසින් ඝාතනය කළ තරුණියගේ සිරුර කොටුව වේල්ල වීදිය වෙත ගෙන එන ආකාරය සිසිටීවි කැමරාවල සටහන්ව තිබූ අයුරු මාධ්‍ය විසින් ප්‍රසිද්ධියට පත් කළහ.

මෙම ඝාතනයේ තවත් සිදුවීම් කිහිපයක් පිළිබඳව මාධ්‍ය වෙත කරුණු ලැබී තිබේ.

මෙම ඝාතකයා විසින් තරුණියව ඝාතනය කිරීමෙන් පසුව ට්‍රැවලින් බෑගයක දමාගෙන හංවැල්ල නගරයෙන් පිටකොටුව බලා පිටත් වන පෞද්ගලික බස් රථයකට නැගී කොළඹ පිටුකොටුව වෙත පැමිණ ඇතැයි පොලීසිය විසින් මේ වන විට අනාවරණය කරගෙන ඇත.

ඝාතකයා පැමිණ ඇත්තේ මාර්ගස්ථ අංක 143 දරණ බස් රථයකින් බවද ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙම බස් රථයේ නැගී පැමිණෙන ආකාරය ද අනාවරණය කරගෙන තිබුණේ සිසිටීවී දර්ශන හරහා කරන ලද පරික්ෂණ අනුවයි.

මෙම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාගෙන් ද පොලිසිය විසින් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

තරුණියගේ සිරුර බහාලූ ගමන් බෑගය ඊයේ (01) දහවල් කොළඹ අධිකරණ වෛද්‍යවරයා විසින් පරීක්‍ෂා කර තිබුණි.

එහිදී අධිකරණ  වෛද්‍යවරයා පොලිසීය වෙත නියෝග කර තිබුණේ ඇගේ සිරුර බෑගයෙන් ඉවතට ගෙන පරීක්‍ෂා නොකර එය අද (02) දින පරීක්‍ෂාවට ලක්කරන ලෙසයි.

මෙම විශේෂ නියෝගය නිසා ඝාතනයට ලක් වූ තරුණිය පිළිබඳව නිශ්චිත හඳුනා ගැනීමක් කිරීමට නොහැකි වූ බවද ශ්‍රී ලංකා පොලීසිය පවසා සිටියි.‍

 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ඝාතනය පිළිබඳව සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා ඇත.

සැබැඳි පුවත -

තරුණියක් මරා ට්‍රැවලින් බෑගයක දමාගෙන ඝාතකයා පැමිණි අයුරු CCTV කැමරාවේ සටහන් වෙයි

Rate this item
(5 votes)
Last modified on Tuesday, 02 March 2021 11:53