May 19, 2024

 තරුණියකගේ හිස කඳෙන් වෙන් කර ට්‍රැවලින් බෑගයේ දැමූ ඝාතකයා හඳුනා ගනී! - අභිරහස් ඝාතනය විසඳෙයි Featured

පසුගිය සඳුදා (01) දිනයේ කොළඹ පිටකොටුව, වේල්ලවීදියේ අත්හැර දමා ගිය ගමන් මල්ලක තිබී හිස නැති තරුණියකගේ සිරුරක් සොයා ගැනීමත් සමඟ සමාජය තුළ යම් කතාබහක් නිර්මාණය වීමට සමත් විය.

වේල්ලවීදිය පොලිස් ස්ථානය, පිටකොටුව පොලිස් ස්ථානය හා ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ විමර්ශන නිලධාරීන් එක්ව මේ සිදුවීම පිළිබඳව පරික්ෂණ ආරම්භ කළ අතර අද (03) දිනයේ දී මෙම කෲර ඝාතනය කළ අපරාධකරුවා පොලීසිය විසින් සොයා ගැනීමට හැකිව තිබේ.

පොලීසිය පවසන අන්දමට මෙම ඝාතකයා පොලීසියේ ම සේවය කරන පුද්ගලයෙකු බවට හඳුනා ගෙන තිබේ. 

මෙම ඝාතකයා 50 වෙනි වියේ පසුවන බුත්තල පොලීසියේ සේවය කරනු ලබන උප පොලිස් පරික්ෂකවරයෙකු ලෙස හඳුනා ගෙන තිබේ. මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ ඔහු නිවාඩු ලබාගෙන සිටි බවද සඳහන් වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙම ඝාතනය සම්බන්ධව අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියේ වේල්ලවීදිය පොලිස් ස්ථානය කරන ලද පරික්ෂණ අනුව සොයාගෙන ඇත්තේ පසුගිය පෙබරවාරි 28 වැනිදා මෙම ඝාතනය සිදුකළ සැකකරු සහ මිය ගිය යුවතිය හංවැල්ල බස්නැවතුම අසල නවාතැන්පොළක් වෙත පැමිණ ඇති බවයි.

එමෙන්ම මාර්තු 01 වෙනිදා මෙම පුද්ගලයා විසින් විශාල ගමන් මල්ලක් සහිතව නවාතැන්පොළෙන් පිටව යන ආකාරය දුටු බවත් නවාතැන්පොළ සේවකයන් පවසා සිටි බවද ඒ මහතා සඳහන් කර සිටියේය.

මීට අමතරව මීට මාස කිහිපයකට පෙර මෙම මියගිය කාන්තාව විසින් උප පොලිස් පරීක්ෂකවරයා සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වූ බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලිසිය සැක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම ඝාතකයා බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටද හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවද අජිත් රෝහණ මහතා පවසා සිටියේය.

ශ්‍රී ලංකා පොලිසියේ විනය ප්‍රතිපත්තියට අනුව, කිසිදු අපරාධ දූෂණයක් අප නොඉවසන අතර, ඒ හැරුණු විට, පොලිස් නිලධාරීන් වුවද, අපරාධකරුවන්ට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගනු ඇත. සිද්ධිය සම්බන්ධයෙන්  සිය නිලධාරීන් විසින් අවස්ථානුකූල සාක්ෂි එකතු කර ඇත්තෙමු. අපි අපරාධකරු අත්අඩංගුවට ගැනීමට යන අතර අපරාධකරුව නීතිය ඉදිරියට ගෙනු එන බවද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේය.

වැඩිදුරටත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී.

සැබැඳි පුවත් -

වේල්ලවීදිය ඝාතකයා සියදිවි නසා ගනී

තරුණියකගේ හිස කඳෙන් වෙන් කර ට්‍රැවලින් බෑගයේ දැමූ ඝාතකයා හඳුනා ගනී! - අභිරහස් ඝාතනය විසඳෙයි

වේල්ලවීදියේ ඝාතකයා ‘රම්බෝ’ වගේ කෙනෙක් - ඇසින් දුටුවන් ඝාතකයා ගැන හෙළි කරයි (VIDEO)

[Exclusive] තරුණියකගේ හිස කපා සිරුර ට්‍රැවලින් බෑගයක දැමූ ඝාතකයා අත්අඩංගුවට ගැනීම අත ළඟ

හිස කඳින් වෙන් කළ තරුණියව ට්‍රැවලින් බෑගයේ දමා පැමිණි හැටි පිළිබඳව තවත් කරුණු හෙළිවෙයි

තරුණියක් මරා ට්‍රැවලින් බෑගයක දමාගෙන ඝාතකයා පැමිණි අයුරු CCTV කැමරාවේ සටහන් වෙයි

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 March 2021 11:54

Related items