April 26, 2024

ඉන්ධන පෝලිමක ගැටුමක් දුරදිග යයි! දෙදෙනෙක් රෝහලේ

ගම්පහ, බැලුම්මහර ඉන්ධන පිරවුම්හලක් අසල රැඳී සිට ඇති රියදුරන් පිරිසක් සහ ප්‍රදේශවාසියෙකු අතර ඇතිවූ කතාබහක් දුරදිග ගොස් ගැටුමක් හට ගෙන තිබෙනවා.

එහිදී පහර කෑමට ලක්වූ දෙදෙනෙකු රෝහල් ගත කොට ඇති අතර තවත් අයෙකු අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පැවසුවා. 

ඊයේ (29) රාත්‍රීයේදී ඉන්ධන ලබාගැනීමට පෝලිමෙහි සිටි රියදුරන් පිරිසක් මත් පැන් පානය කොට හිස් බෝතලයක් අසල තිබූ කාණුවකට දැමීමේදී කුඩුවී ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී අසල්වාසී පුද්ගලයෙකු ඊට එරෙහිව කතා කොට ඇති අතර එම කතාබහ ගැටුමක් දක්වා දුරදිග යාම හේතුවෙන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ යක්කල පොලීසිය පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

Rate this item
(0 votes)