April 19, 2024

ඉන්ධන පෝලිම්වල අඩුවක් Featured

මේවන විට ඉන්ධන හල් වල පෝලිම් වල අඩුවක් දක්නට ලැබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරුවන් සඳහන් කළා.

පෙර දිනවලට සාපේක්ෂව ඉන්ධන පෝළිම් සැලකිය යුතු ලෙස අඩුවී ඇති අයුරු ඊයේ දිනය පුරා කළ නිරීක්ෂණයකදී දැකගත හැකි වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. 

පෙට්‍රල් සහ ඩීසල් ලබා ගැනීමට ඊයේ දිනයේදී දිගු පෝලිම් දක්නට නොලැබුණු අතර මරදාන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් වල පෝලිම් නොමැති තත්වයක් දක්නට ලැබුණා.

දෙමටගොඩ ප්‍රදේශයේ ඇතැම් ඉන්ධන පිරවුම් හල් වසා දමා තිබුණා.

විශේෂයෙන් ඩීසල් ලබා ගැනීම සඳහා පෝලිම් තිබුනත් පෙට්‍රල් ලබාගැනීමට දිගු පෝලිම් දක්නට නොලැබුණු බව අප වාර්තාකරුවන් කියා සිටියා.

ඉන්ධන හල් වල සේවකයින් ඒෂියන් මිරර් වෙත පැවසුවේ ඉන්ධන අවශ්‍ය ප්‍රමාණයට ඇති බවයි.

ඊයේ දිනයේද ඉන්දිය ණය ආධාර යටතේ ඩීසල් රැගත් තවත් නෞකාවක් මෙරටට පැමිණ ඇති අතර එහි ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ද ආරම්භ කර තිබෙනවා.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ ඉතාමත් නුදුරු දිනකදී ඉන්ධන පෝළිම් අවසන් වනු ඇති බවයි.

ගෑස් නෞකා මෙරටට පැමිණිය ද ගෑස් ලබාගැනීමේ අරමුණින් ජනතාව පෝළිම්වල සිටින අයුරු ඊයේ දිනයේත් දැකගත හැකි වුණා. 

Rate this item
(1 Vote)
Last modified on Friday, 25 March 2022 09:05