April 20, 2024

සිපෙට්කෝ ෂෙඩ්වල යළි පෝලිම්! අයි.ඕ.සි ඉන්ධන ගන්න රියදුරන් බෑ කියයි

අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල පෙට්‍රල් ඉන්ධන මිල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරිමත් සමග එම ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිම ප්‍රතික්ෂේප කර වාහන හිමියන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගන්නා අයුරු ඒෂියන් මිරර් කැමරාවේ සටහන් විය.

ඇතැම් වාහන හිමියන් පෙට්‍රල් ඉන්ධන මිල වැඩි කළ බව නොදැන අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිමට පැමිණ සිටි බව දැක ගන්නට හැකිවිය.

මේ අතර සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් ඉන්ධන නොමැති නිසා ඉන්ධන බවසුර් පැමිණෙන තුරු බස් රථ රියදුරන් ඊයේ (25) රාත්‍රියේ සිට පෝලිම් වල රැදි සිටින අයුරු දක්නට ලැබුණා.

Rate this item
(0 votes)