April 19, 2024

ආරක්ෂිත වැටත් කඩා දක්ෂිණ අධිවේගයට වන අලියෙකු ඇතුළු වෙයි (PHOTOS) Featured

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට මත්තල දක්වා දිවෙන කොටසේ ස්ථානකින් ආරක්‍ෂිත වැට කඩා දමමින් අධිවේගී මාර්ගය හරහා වන අලියෙකු ගමන් ගෙන තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු පැවසුවා.

දක්ෂිණ අධිවේගී මාර්ගය තැනීමේදී වන අලින් ගමන්ගත් අලිමංකඩ කීපයක් හරස් වී ඇති අතර ඒ වෙනුවෙන් වන අලින්ට ගමන්කිරීමට හැකි බෝක්කු කීපයක් ඉදි කර තිබුණා.

නමුත් අනෙකුත් ප්‍රදේශ සඳහා වන අලින් ඇතුළු වීම වැලැක්වීම වෙනුවෙන් එම බෝක්කු මේ වනවිට වසා තැබීම හේතුවෙන් වන අලින් අධිවේගී මාර්ගය හරහා ආරක්‍ෂිත වැටවල් කඩා ඇතුළුවීමට කටයුතු කරන බවයි ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 March 2022 14:45