April 20, 2024

ආණ්ඩුව තෙල් වැඩි කරන "කොලේ වසා ගහන සූත්තරේ" ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ම හෙළි කරයි

දරා ගත නොහැකි ආකාරයට තෙල් මිල වැඩි කරන ආකාරය ආණ්ඩුව නියෝජනය කරන චන්දිම වීරක්කොඩි මහතා හෙළිදරව් කරනවා.

වීරක්කොඩි මහතා හිටපු ඛනිජ තෙල් ඇමතිවරයෙකුද වනවා.

දෙපාර්ශවයේ එකඟතාව

මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ තෙල් මිල වැඩි කිරීම ආණ්ඩුව ඉන්දියානු තෙල් සමාගම (IOC) සමග කතා කරගෙන කරන එකක් බව ජනතාව ප්‍රකාශ කරන බවයි.

ආණ්ඩුව පළමුවෙන් ඉන්දියානු තෙල් සමාගමට කතා කොට ඔවුන්ට තෙල් වැඩි කරන්න කියා ඉන් පසුව ඒ ගණනට සිපෙට්කෝ තෙල්ද වැඩි කරන බව ජනතාව කියන බව ඔහු අනාවරණය කරනවා.

එය කොලේ වසා ගැහිල්ලක් ලෙසයි ඔහු හඳුන්වා දෙන්නේ.

කොන්දේ හයිය

තමන් ඛනිජ තෙල් ඇමති ධූර දරද්දී ඉන්දියානු තෙල් සමාගම මිල වැඩි කරන්න ඉල්ලූ අවස්ථාවල ඊට විරුද්ධව කතා කිරීමට හයියක් කොන්දක් තමන්ට තිබුන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

වීරක්කොඩි මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ තෙල් වැඩි නොකරන ලෙසත් එය අමාත්‍යංශ තීන්දුවත් සමඟ කරන ලෙසත් කීමට එදා තමන්ට හැකියාව තිබූ බවයි.

අද සිදුව තිබෙන්නේ සියලු දේ රජයේ පාලනයෙන් ගිලිහි තිබීම බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ජනතාවත් රජයේ පාලනයෙන් ගිලිහෙන බව සිදු වන බව ආණ්ඩුව මතක තබා ගත යුතු බව සඳහන් කරනවා.

වීරක්කොඩි මහතා මේ අදහස් පළ කළේ මාධ්‍ය අමතමින්.

Rate this item
(3 votes)
Last modified on Sunday, 27 March 2022 12:05