April 27, 2024

සෞභාග්‍යයේ දැක්ම බලන්න ගිය අයට වෙච්ච දේ රාජිත කියයි

"සෞභාග්‍යයේ දැක්ම" බැලීමට ගිය ජනතාවට දැන් උරුම වී තිබෙන්නේ කුමක් දැයි වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙනවා.

සමගි ජන බලවේගය නියෝජනය කරන ඔහු සඳහන් කරන්නේ ජනතාවට දැන් "අභාග්‍යයයේ දැක්ම" උරුම වී ඇති බවයි.

ප්‍රශ්නයට මුල

සර්ව පාක්ෂික සමුළුව ගැනද සේනාරත්න මහතා සිය මතය ප්‍රකාශ කරනවා.

රටේ තිබෙන ආර්ථික ප්‍රශ්ණයට මුල ආණ්ඩුවේ දුර්වලකම ලෙස ඔහු පෙන්වා දෙනවා.

ඊට විසඳුම සර්වපාක්ෂික සමුළුව නොවන බවයි සේනාරත්න මහතාගේ මතය වන්නේ.

තිබෙන ප්‍රශ්නයට විසඳුම

ආණ්ඩුව කරන්න බැරිනම් වහාම ඉල්ලා අස්වීම ඊට විසඳුම ලෙස සේනාරත්න මහතා අවධාරණය කරනවා.

සේනාරත්න මහතා මේ අදහස් පළ කළේ මාධ්‍ය අමතමින්.

සර්ව පාක්ෂික සමුළුව සේනාරත්න මහතා නියෝජනය කරන සමගි ජන බලවේගය වර්ජනය කළා.

Rate this item
(3 votes)
Last modified on Sunday, 27 March 2022 12:24