April 30, 2024

(EXCLUSIVE) රාජිතගෙන් විපක්ෂ බලවේගවලට දැඩි පණිවිඩයක්

February 21, 2022

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාද වන වෛද්‍ය රාජිත සේනාරත්න මෙරට සිදුවූ බොහෝ දේශපාලන පෙරළිවල පෙර ගමන්කරුවෙක්.

පවතින ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ කෙතරම් විවේචන තිබුණද ඊට අභියෝග කළ හැකි දැක්මක් විපක්ෂ බලවේගවලට තිබේදැයි ඒෂියන් මිරර් වෛද්‍ය සේනාරත්නගෙන් විමසීමක් කළා.

ඒ කාරණය ඇත්ත

ඊට ඔහු ප්‍රතිචාර දැක්වූයේ මේ විදියට.

"ඒ කියන කාරණේ යම් ඇත්තක් තිබෙනවා. විපක්ෂයේ හැමෝම ජනාධිපතිධූරයේ පස්සේ දුවනවා මිස ඉන්න ජනපතිවරයා පලවා හරින්නේ කෙසේ දැයි යන්න පිළිබඳව වැඩ පිළිවෙලකට ඇවිත් නැහැ."

එසේ ප්‍රකාශ කරන වෛද්‍ය සේනාරත්න මේ මොහොතේ විපක්ෂයේ බලවේග ප්‍රමුඛත්වය දිය යුතු කරුණක් පිළිබඳවද අවධාරණය කරනවා.

මේ මොහොතේ අවශ්‍යතාවය

ඒ මේ ආණ්ඩුවට එරෙහි ඒකාබද්ධ ව්‍යාපාරයක් බිහි කිරීම බව පෙන්වා දෙන ඔහු එය කිරීමට කිසිවෙකුටත් අවශ්‍යතාවයක් නැති බවත් සඳහන් කරනවා.

විකල්ප ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙන්නේ සමගි ජන බලවේගයට බව මේ වන විට ජනතාව දක්වන ප්‍රතිචාර වලින් තහවුරු වන බව සේනාරත්න මහතා සඳහන් කරනවා.

ඒත් ආණ්ඩු විරෝධී ජනතාවට රැස්වීමට යම් මධ්‍යස්ථානයක් තිබිය යුතු බවයි ඔහුගේ මතය වන්නේ.

ප්‍රධාන ඉලක්කය

මේ නිසා සියලු දෙනා ඒකරාශි වී එක් මධ්‍යස්ථානයක් වටා රොක් විය යුතු බවත් එසේ රොක් විය යුත්තේ කවුද දිනන්නේ කියන එක සඳහා නොව රාජපක්ෂලා පරාජය කිරීම සඳහා බවයි සේනාරත්න මහතා විපක්ෂයේ බලවේග වලට මතක් කර දෙන්නේ.

ඒ නිසා දැන් ප්‍රමුඛත්වය දිය යුත්තේ යුත්තේ රාජපක්ෂලා පන්නා දමන ඒ වැඩ පිළිවෙළට බව ඔහු සඳහන් කරන්නේ තවත් වැදගත් කරුණක්ද පෙන්වා දෙමින්.

අද පැහැදිලිව පෙනෙන්නට තියෙන ප්‍රශ්නය හැමෝම නායකයන් වීමට යාම බවයි සේනාරත්න මහතා සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 February 2022 07:31