April 25, 2024

දේශප්‍රේමි ඇමති කැබිනට්ටුවේ ගහපු බොරුව පත්තු වෙයි: රාජ්‍ය ඇමති තුන් කට්ටුවම වර්ජනයේ

February 21, 2022

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු වූ විශේෂ කරුණක් තිබුණා.

ඒ කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් අතර පවතින ගැටුමත් අති බහුතරයක් රාජ්‍ය ඇමතිවරුන් විවිධ හේතූන් මත කලකිරී සිටීමත් පිළිබඳවයි.

දේශප්‍රේමී ඇමතිගේ බොරුව

ඒ මාතෘකාව කැබිනට් මණ්ඩලයේ අවධානයට ලක් වූයේ සී.බී. රත්නායක ඇමතිවරයා විසින් තමන්ගේ අමාත්‍යාංශය මුහුණ දී සිටින ඛේදනීය තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමත් සමගයි.

ජනපතිවරයාත් මැදිහත් වූ එම සංවාදයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාත් සිය අදහස් පළ කරමින් කියා සිටියේ තමන්ගේ අමාත්‍යාංශයේ නම් එවැනි ප්‍රශ්නයක් නැති මුත් රත්නායක ඇමතිවරයා කියන ආකාරයේ ප්‍රශ්නයක් තිබෙන බවයි.

ඒත් දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව වීරවංශ අමාත්‍යවරයා ඔහුගේ අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් කළ එම ප්‍රකාශය අසත්‍යක්.

තුන්දෙනාම වර්ජනයේ

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය අමාත්‍යාංශ ගණන තුනක්.

කර්මාන්ත අමාත්‍යාංශය මගින් පසුගියදා සංවිධානය කළ ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල එම රාජ්‍ය අමාත්‍යාංශ තුනේ වගකීම් දරන රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනාම වර්ජනය කළ බවයි දැනගන්නට තිබෙන්නේ.

ඒ ස්වර්ණාභරණ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ , බතික් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර හා මැටි , පිත්තල , වේවැල්  රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර යන රාජ්‍ය අමාත්‍යවරුන්.

ඔවුන් තිදෙනාද සිටින්නේ කලකිරීම් මත බවයි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 21 February 2022 11:15