April 30, 2024

සැමියාට සහ පුතාට පසු, හිටපු ඇමති බිරිඳක් දේශපාලනයට

December 19, 2021

හිටපු අමාත්‍යවරයෙකු ද වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ බිරිඳවන සුජාතා සේනාරත්න මහත්මිය ද දේශපාලනයට පැමිණීමට සූදානම්වන බව වාර්තා වෙනවා.

ඒ පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන යි.

ඇය කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙලෙස මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා සූදානමින් පසුවන බව පැවසෙනවා.

වැඩිදුරටත් වාර්තා වන්නේ ඇය එම දිස්ත්‍රික්කය තුළ මේවන විටත් ප්‍රචාරක වැඩසටහනක් ද ආරම්භ කර ඇති බව යි.

විශේෂඥ වෛද්‍යවරියක ද වන ඇය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස ද කටයුතු කළා.

එමෙන්ම පුවත් මවන චරිතයක්ව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ මව වන්නේ ද සුජාතා සේනාරත්න මහත්මිය යි.

කෙසේ වෙතත් ඇය මෙලෙස දේශපාලනයට පිවිසීමට සූදානම්වන පසුබිමක චතුර සේනාරත්න මහතා දේශපාලන කරළියෙන් බැහැරව සිටීම කැපී පෙනෙනවා.

මේ අතර, පළාත් සභා මැතිවරණය ඉලක්ක කොට ගෙන සුජාතා සේනාරත්න මහත්මිය දේශපාලනයට පිවිසීමේ කටයුතු ආරම්භ කොට ඇතත්, වර්තමාන ආණ්ඩුවේ තීරණය වී ඇත්තේ රටෙහි පවතින වාතාවරණය හමුවේ මැතිවරණ පැවැත්වීම නොසුදුසු බව යි.

Rate this item
(2 votes)
Last modified on Saturday, 18 December 2021 23:50