April 30, 2024

ඉස්සෙල්ලම එන ඡන්දය ගැන රාජිත ටක්කෙටම කියයි

February 22, 2022

පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ ඕනෑම අවස්ථාවක පැවැත්වීමට ආණ්ඩුවට හැකියාව තිබෙනවා.

ඒ අතරතුර මැතිවරණයක් සදහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාද සිය කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

තාර්කික පිළිතුර

ඒ අනුව පළමුවෙන් කුමන මැතිවරණයක් තබයිද?

ඊට තාර්කික පිළිතුරක් සමගි ජන බලවේගය නියෝජනය කරන ජේෂ්ඨතම මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කරනවා.

ඒ වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින්.

මැතිවරණ දෙක

"පළාත් පාලන මැතිවරණය තිබ්බොත් ආණ්ඩුව පරාදයි."

"පළාත් සභා මැතිවරණය තිබ්බොත් ආණ්ඩුව විශාල පරාජයකට මුහුණ දෙනවා."

වෛද්‍ය සේනාරත්න කියන්නේ ඒ විදිහට.

ඒ අනුව ආණ්ඩුවට වාසිදායක ඡන්දය මහ මැතිවරණය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මහ මැතිවරණය

"ඒ මැතිවරණය තිබ්බත් ආණ්ඩුව පරදිනවා.එහෙම පැරදුනත් ඒගොල්ලන්ගේ ජනපතිවරයෙක් ඉන්නේ."

"අපි රජයක් පිහිටුවා ගත්තොත් අපට අවුරුදු දෙකක් වැඩ කරන්න වෙන්නේ ඒ ජනපතිත් එක්ක.එහෙම අවස්ථාවක ජනපතිවරයා අපේ කකුලෙන් ඇද්දොත් 2001 - 2004 චන්ද්‍රිකා - රනිල් ආණ්ඩුවට වුන දේම වෙනවා." යයි සේනාරත්න මහතා අවධාරණය කරනවා.

එහෙම නැතුව ජනපතිවරයා අපිත් සමග සහයෝගයෙන් වැඩ කළහොත් ඊට පෙර මේ ආණ්ඩුව (පොදු ජන පෙරමුණ) කරපු දේවල් ගැන විමර්ශන කරන්න ලැබෙන්නේ නැති බව වෛද්‍ය සේනාරත්න පෙන්වා දෙනවා.

පරමාර්ථය හරි

"එතකොට ඒ අයගේ පරමාර්ථය හරි.මොකද අපේ ආණ්ඩුවක් යටතේ අවුරුදු දෙක යනකොට රටේ වෙන ප්‍රශ්න ඇවිත් වෙන වෙන මාතෘකා ඇවිත් මේවා යට යනවා.ඒ නිසා මේ ආණ්ඩුව කැමතියි විපක්ෂයට වෙලා ඉන්න." යයි සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

එහෙම බැලුවම ඉස්සෙල්ලම මහමැතිවරණය එන බවයි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාද වූ සේනාරත්න මහතා සදහන් කරන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 22 February 2022 11:49