April 30, 2024

කොවිඩ් වෛරසයෙන් බේරෙන්න රාජිතටත් නොහැකි වෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරයා මේ වනවිට නිවෙස් නිරෝදායනයට යොමු කොට ඇති බව යි වාර්තා වන්නේ.

එමෙන්ම ජනවාරි මස 1 වනදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ පුද්ගලයින් මේවන විට හදුණා ගනිමින් පවතින බව වාර්තාවන අතර සියලුදෙනා මේ වන විට නිරෝධායනයට ලක්කරමින් ඇති බව සඳහන්.

මේ අතර රාජිත සේනාරත්න මහතාගේ තත්ත්වය බරපතළ නොමැති බව ද පුවත් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔහුට මේවන විට සුළු වශයෙන් කැස්ස පවතින බව යි පැවසෙන්නේ.

සේනාරත්න මහතා මීට වසර කිහිපයකට පෙර හදවත් සැත්කමකට ද භාජනය වූ අයෙක්.

Rate this item
(4 votes)
Last modified on Wednesday, 05 January 2022 11:48