April 27, 2024

රුසියානු - යුක්‍රේනියානු අර්බුදයත් මෙරට තෙල් මිල වැඩි කරන්න හේතුවක්: කැබිනට් ප්‍රකාශක

February 22, 2022

තෙල් මිල ගණන් යළි ඉහළ යා හැකි බව අද (22) කැබිනට් මණ්ඩල මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුණා.

ඒ බැව් ප්‍රකාශ කළේ රජයේ කැබිනට් ප්‍රකාශකවරයෙකු වන වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින්.

මාධ්‍ය ප්‍රකාශකගේ අනාවැකිය

තෙල් මිල ගණන් ඉහළ දැමීම ගැන තවමත් සාකච්ඡා වී නොමැති මුත් එය ඉදිරියේදී විය හැකි බවට ඔහු අනාවැකිය පළ කළේ ඊට බලපාන හේතු කිහිපයක්ද පෙන්වා දෙමින්.

ලෝක වෙළෙඳ පොළේ දිනෙන් දිනම තෙල් මිල ඉහළ යෑම ඊට එක් හේතුවක් ලෙස ඔහු පෙන්වා දුන්නා.

අනිත් හේතුව ලෙස අමාත්‍යවරයා පෙන්වා දුන්නේය රුසියානු - යුක්රේනියානු අර්බූදය මත ලෝකයේ තෙල් මිල ගණන් ඉහළ යෑමට හැකි බවයි.

මේ වන විට ඉන්දියානු තෙල් සමාගම (IOC) සිය තෙල් මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ඉතිහාසගත වාර්තාව

ඉදිරියේදී ඉහළ දමන තෙල් මිල ගනන් මෙරට ඉතිහාසයේ සිදු වන වැඩිම මුදලකින් තෙල් මිල ගණන් ඉහළ දැමීමේ අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වෙන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ වන විටත් සඳහන් කර තිබෙන්නේ.

විශේෂයෙන්ම ඩීසල් සඳහා ඇති ඉල්ලුම ගෙවුණු දින කිහිපය පුරාම නොසිතූ අයුරින් ඉහළ ගොස් තිබෙන බව එක්තරා ජනප්‍රිය පුද්ගලික රූපවාහිනී සේවයක වැඩ සටහනකට එක්වෙමින් බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරිය ඊයේ (21) සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 February 2022 12:28

Related items