April 28, 2024

කැබිනට් ඇමතිවරුන්ට ජනපතිගෙන් පාඩමක්!

February 15, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (14) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී කැබිනට් අමාත්‍යවරුන්ට ඇති වගකීම් ගැන පැහැදිලි කර දී තිබෙකවා.

වැඩකටයුතු පහසු කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය වෙන්කර දී තිබුණද අමාත්‍යංශවල අවසන් වගකීම ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට බවයි එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

කැබිනට් ඇමතිවරුන් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඇතැම් රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් හමුවීමට පවා නොහැකි බවට කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර තිබෙනවා.

එම ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනුයි ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ.

තමා මේ බව රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් කැඳවා දැනුම්දෙන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙන බව වාර්තා වනවා.

Rate this item
(1 Vote)

Related items